නුවර ළමයින් වනසන මත්ද්‍රව්‍ය මාෆියාවක් ගැන හෙළිදරව්වක්. - Info Sri Lanka News | Sinhala

නුවර ළමයින් වනසන මත්ද්‍රව්‍ය මාෆියාවක් ගැන හෙළිදරව්වක්.


මත්ද්‍රව්‍ය මුසු කළ අයිස් පලම් නිෂ්පාදනය කරන වෙළෙඳුන් මඟින් සිසුන් වෙත අලෙවි කිරීමේ ජාවාරමක් ගැන මධ්‍යම පළාතෙන් වාර්තා වෙයි.

මේ ජාවාරම අනාවරණය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය සහ අංශාධිපති එච්.එම්.ඩී.ආර්. හේරත් මහතාය.

පාසල් හෝ අමතර පන්ති යන දරුවන්ට අලෙවි කරන මෙම අයිස් පලම් කාලා නිවෙසට පැමිණ ඇද උඩ වැටෙනවා. මවුපියන් හිතන්නේ දරුවන් මහන්සියට නිදි කියලා. නමුත් එහි ඇත්ත කතාව දරුවන් මතට ඇබ්බැහි වීම බව මහාචාර්යවරයා පැවැසීය.

මහනුවර සියලුම අමතර පන්ති සදහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමට මහනුවර උසස් පොලිස් නිලධාරීන්ගේ අනුදැනුම මත සහකාර පොලිස් අධිකාරි ශ්‍රියාන්ත පීරිස් මහතා කර ඇති අතර ඒ සඳහා මහනුවර අමතර පන්ති ගුරුවරුන් සහ හිමිකරුවන් රැසක් මහනුවර පොලිස් ශ්‍රවණාගාරයට පැමිණ සිටි අතර එහිදී මහාචාර්යවරයා එසේ පැවැසීය.

තවදුරටත් කතා කළ මහාචාර්යවරයා ටියුෂන් ගුරුවරුන් දරුවන් පිළිබදව මීට වඩා කැපකිරීමකින් කටයුතු කරන්න වෙනවා. නමුත් මීට කාලෙකට පෙර එක්තරා ටියුෂන් ගුරුවරයෙක් පාසල් දරුවන් තුන්දහසක් විහාරමහා දේවී උද්‍යානයට ගෙනැවිත් ලෝක පෙම්වතුන්ගේ දිනය සැමරුවා. ඉන් ඇතිවූ ප්‍රතිවිපාක ජාතික දේහය පුපුරා යනවා. ඉන්පසු ගබ්සා කීයක් සිදුවී තිබෙනවාද වැනි දේ ගැන කතා කිරීමට ලැබීමත් අවාසනාවක්.

දැන් සමාජයේ දුම් නොබිව්වාට, දුම්කොළවලින් සෑදු මත්ද්‍රව්‍ය විසි එකක් තිබෙනවා. ලංකාවේ සෑම ටියුෂන් පන්තියකම මෙම දුම්කොළවලින් සෑදූ විස මත්ද්‍රව්‍ය විසි එක සංසරණය වනවා. සෑම සංගීත සන්දර්ශනයක්ම පවතින ස්ථාන අසල මේ මත්ද්‍රව්‍ය සැරිසරනවා. සෑම සංගීත සන්දර්ශනයක් අසලම අශ්වලාඩමක් වගේ වටේට ත්‍රිරෝද රථ නවතා තිබෙනවා.

Share on Google Plus