නව ව්‍යවස්ථාවට එරෙහිව ශ්‍රී ලනිප ඇමැති පිරිසකගෙන් කැරැල්ලක්.


ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව ශ්‍රී ලනිප ස්ථාවරයට පටහැනිව සකස් කෙරෙන්නේ නම් ඊට සහාය නොදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එම ව්‍යවස්ථාවට විරුද්ධව පෙළ ගැසීමට එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් රහසේ සාකච්ඡා කරමින් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කෙළේය.

පසුගියදා රැස්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදීද සිංහලෙන් "ඒකීය" ලෙස තිබෙන වචනය ඉංගී්‍රසියෙන් උදඪබචපර (එක්සත්) ලෙස තැබීමට නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලනිප කණ්ඩායම විරෝධය පළකොට තිබේ. එහෙත් එහිදී එකඟතාවකින් තොරව එම සාකච්ඡා අවසන් වී ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද ශ්‍රී ලනිප එකඟ වී නොමැත.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ලොබියේදී එම ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් මුණගැසී අවුරුදු 5ක් රජයේ නොසිටිය යුතු බවටද සාකච්ඡා කොට ඵබේ. එක් පක්ෂයක් ආණ්ඩුව කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී ඇත.

අවුරුදු 5ක් යනතුරු ආණ්ඩුවේ රැඳී සිටිය හොත් ඊළඟ මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී යනු ඇති බවද ඔවුන්ගේ අදහස වෙයි. ඒ නිසා මේ වසරේ අය-වැය වනවිට වෙනසක් සිදුවිය යුතු බවද ඔවුහු අවධාරණය කොට සිටිති.

Powered by Blogger.