රවී චෝදනා කරන්නේ කාටද?


''අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට, චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට ඒගොල්ලන් මාරු කරලා, නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහැ'' යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා අද (04) ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සාකච්ඡාවකදී සඳහන් කොට ඇත.

''මතක තියාගන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට රවලා, තරවටු කරලා, බලපෑම් කරලා බොහෝ දේවල් ගන්න හදන කොට මුදල් ඇමති හැටියට මම කෙලින් හිටියා, අද ඒ අයත් පිලිගන්නවා අපි හිටපු ස්ථාවරය හරියි කියලා. මෙන්න මේ නිසා තමයි ඔය සමහරු මට ඊර්ෂ්‍යා කරන්නේ, මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’ යයි ඔහු එම පුවත්පතේ මාධ්‍යවේදී ප්‍රසන්න සංජිව තෙන්නකෝන් සමග පවසා ඇත.

'පසුපෙළ මන්ත්‍රීවරු අපේක්ෂාභංගත්වයෙන්'

ඔබ දෙන උත්තරවලින් පෙනෙන්නේ ආණ්ඩුව තුල අර්බුද ගණනාවක්ම තිබෙන බව නේදැයි මාධ්‍යවේදියා කල විමසීමේදී රවි කරුණානයක අමාත්‍යවරයා මෙසේ පිලිතුරු ලබාදී ඇත.

''අර්බුද කියලා කියන්නේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ අපේක්ෂාභංගත්වයෙන්, ඒකත් ඒ අයගේ කැක්කුමයි, දන්න අපි මේවා ගැන කතා කල යුතුය, අපි අවුරුදු 20කට වඩා විපක්ෂයේ හිටියේ,අපි පහු කරපු අමාරු යුගය මේ අය දන්නේ නැහැ. නමුත් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් දන්නවා අපි ඔහුන් වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.

දූෂණය අපි නවත්වන්න ගියාම, ඒ අයට ඕන දේවල් කර ගන්න බැරිවුනාම ඕවා තමයි කරන්නේ..

දැන් බලන්න අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට එතුමාවත් මාරු කරනවා, චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට එයාවත් මාරු කරලා, දුර්වලතා තියෙන, ප්‍රශ්න තියෙන ඇමතිවරු නැද්ද? ඔය වැඩියෙන්ම කතාකරන අය තමයි ඔය ඔක්කෝම වැරදි කරන්නේ, අපි නිහඬව හිටියේ යම් හේතුවක් නිසයි..”

‘' මගේ ඔලුව තුලින් අනුන්ගේ පව් සොදා ගන්න පුලුවන් නම් ...''

'' මගේ ඔලුව තුලින් අනුන්ගේ පව් සොදා ගන්න පුලුවන් නම් ඒක බොහෝම සතුටුයි,එහෙම කරන්න පුලුවන් නම් බොහොම හොදයි, නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහැ’’ යනුවෙන්ද කරුණානායක මහතා කියා සිටී.

‘' මේව අපි සල්ලිදීල ගත්ත ඒව නෙවෙයිනෙ ...''

ආසියාවේ හොඳම මුදල් ඇමති ඇයි ලංකාවට එපා වෙන්නේ යැයි ප්‍රසන්න ඇසූ ප්‍රශ්නයට කරුණායක මහතා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

‘’ ඉතින් ඒක අහන්න ඕනෑ ඒක කරපු කට්ටියගෙන් නේ. මගෙන් අහල හරියන්නෙ නෑ. මේව අපි සල්ලිදීල ගත්ත ඒව නෙවෙයිනෙ. ඉතින් ඒවට යම් හේතු සාධක ඇති. කොහොමවුණත් ඒක ඒ අයගෙන් තමයි අහන්න වෙන්නේ.’’

ජනපති අගමැති මෙහෙයවන ඇමතිවරයා මෙයාද ?

ජනපති හා අගමැති මෙහෙයවන තරමට ප්‍රබල ඇමතිවරයකු සම්බන්ධයෙන්ද හෙළිකර ඇති කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසා තිබේ.

"ඕව වැඩිකල් යන්න කලින් හෙළිදරව් කරන්නම්. ඔය වෙස් මුහුණු ඇඳගෙන නටන කට්ටියගෙ වෙස් මුහුණු වැඩිකල් යන්න කළින් ගැලවෙනවා.’’

රවීගේ හයිය කැබිනට් බහුතරය ඇමතිවරු හා ජනතාව

ජනතාවත්, තම මන්ත්‍රී කණ්ඩායම හා කැබිනට් බහුතරයත් තමාට ඇති ශක්තියක් බවද ඔහු හෙළිකර සිටී.

රවී එළවූ වෙබ් කාරයා ?

කරුණානායක මහතා සිය සම්මුඛ සාකච්ඡාව අතරතුර වෙබ්කරන කෙනෙක් ඇති බවත්, තමාට මුදල් අමාත්‍ය ධූරය අහිමිවීමට ඔහුගේ ක්‍රියා කලාපයන් හේතුවූ බවද පවසා ඇත.

එහි මසේ දැක්වේ.

“තව ඉන්නවා වෙබ් කරන කෙනෙක්. ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා. මේ ගොල්ලො දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටිය.”

Powered by Blogger.