මහින්ද ලඟ සිටි තිස්ස අත්අඩංගුවට.


ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (13) නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අපරාධ රැසකදීම මෙම තිස්ස විමලසේන නැමැත්තාගේ නම කියවිණි.

වසීම් තාජුඩීන් ඝාතනය වූ සමයේ මෙම තිස්ස විමලසේන නැමැත්තා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ රියදුරු ලෙස සේවය කළ බවද එකළ කියැවිණි.

Powered by Blogger.