ලංකාවේ රනිල් එංගලන්ත ඡන්දෙන් මේපාරත් දිනුම්.


බි්‍රතාන්‍ය මහ මැතිවරණයේදී කන්සර්වටිව් පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන දෙවැනි වතාවටත් පාර්ලිමේන්තු වරම් හිමිකර ගෙන තිබේ.රනිල් ජයවර්ධන කන්සර්වටිව් පක්ෂය නියෝජනය කරමින් ඊසාන දිග හැම්ෂෙයර් ප්‍රාන්තයෙන් තරග කර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හැට පහයි දශම පහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත. ඔහුගේ ප්‍රතිවාදියා වූ ලේබර් පක්ෂය නියෝජනය කළ බෙරි ජෝන්ස් හට ලබා ගැනීමට හැකි වී ඇත්තේ සියයට දහහතක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

වසර 2015දී ප්‍රථම වරට ඊසාන දිග හැම්ෂෙයර් ප්‍රාන්තය නියෝජනය කරමින් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල් ජයවර්ධන බි්‍රතාන්‍යයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

බි්‍රතාන්‍යයේ ජේ‍යෂ්ඨ බැංකු කළමනාකරුවකු ලෙසද සේවය කර ඇති රනිල් ජයවර්ධනගේ ශ්‍රී ලාංකිකයකු වූ පියා සහ ඉන්දියානු ජාතිකයකු වූ මව වසර 1978දී බි්‍රතාන්‍යයේ පදිංචියට ගොස් ඇත.

රනිල් ජයවර්ධන වසර 1986 සැප්තැම්බර් 3 වැනිදා ලන්ඩන් නුවරදී උපත ලබා ඇත. පසුගිය අවස්ථා කිහිපයකදීම කන්සර්වටිව් පක්ෂයෙන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල පක්ෂ සාමාජිකයන් කිහිපදෙනකුටම තම ආසනවල බලය අහිමිවෙද්දී රනිල් ජයවර්ධන යළිත් වරක් තමා නියෝජනය කළ ඊසාන දිග හැම්ෂෙයර් ප්‍රාන්තය වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීම සහ පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීම විශේෂත්වයක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Powered by Blogger.