ගංවතුරින් විපතට පත්වූ පිටබැද්දර ජනතාවට ආධාර.


පසුගියදා ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත්වූ පිටබැද්දර ප්‍රදේශයේ  ප්‍රදේශ රැසක ජනතාවට වියලි ආහාර ද්‍රවය මළු බෙදාදීමේ වැඩසටහන් රැසක් අද (02) දින අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාගොඩ, පුවක්බඩඕවිට සහ පිටබැද්දර සහන පියස යන ස්ථාන වලදී මෙසේ ආධාර බෙදාදීමේ වැඩසටහන් පැවැත්විණි. මෙම වැඩසටහන්වලදී අමාත්‍යතුමන් ජනතාව අමතා ප්‍රකාශ කරනු ලැබුවේ  පීඩාවට පත් ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීමට අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ අප රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම අවස්ථාවටද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක යන මහත්වරුන් සහ සහනාධාර ලාභී පවුල් රැසක සාමාජිකයන්ද එක්ව සිටියේය.






Powered by Blogger.