Ads Top

Ray Ad

කාටත් සමාන නීතිය ඥානසාර හිමිට නැද්දැයි සැකයක්!


ඉස්ලාම් ආගමිකයන්ට එරෙහි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින ඥානසාර හිමියන් රෝගී වී සිටින බව අධිකරණයට දන්වා ඇතත්, උන්වහන්සේ ප්‍රතිකාර ලබන රෝහලක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නැත. එසේ ම දිවයින පුවත්පත ඇතුළු ඇතැම් මාධ්‍ය රහසිගත ස්ථානවල දී හමු වූ බව පවසමින් උන්වහන්සේගේ සම්මුඛ සාකච්ඡා පළ කිරීම, ඒ හරහා අධිකරණයේ විභාග වන අදාළ නඩුවලට බලපෑම් කිරීම ඇතුළු කරුණු බරපතළ ලෙස සැලකිය යුතු බව ද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. නීතිය සමානව ස්ථාපිත කිරීමට ආණ්ඩුවේ ඇති නොහැකියාව මේ මඟින් පැහැදිලි වන බවත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

පසුගිය අප්‍රේල් 16 වන දා සිට මැයි 22 වන දා දක්වා මෙසේ ඉස්ලාම් ආගමිකයන්ට එරෙහි ප්‍රහාර 16 ක් එල්ල වී තිබේ. ඒ අතරතුර බුදු පිළිමයක් විකෘති කර ෆේස්බුක් සමාජ ජාලයේ පළ කළ බවට චෝදනා කරමින් කඩුගන්නාව ප්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර තිබේ. එසේ දෙයාකාරයකට සැලකීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් අදාළ ජ්‍යේෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

-තේජා සුදසිංහ

Powered by Blogger.