Ads Top

Ray Ad

මේ ඔබේ කතාව ද?


ඒ කෝ දියං Phone එක.

- මගෙන් ඉලන්නෙ😏

ඇයි යකෝ උඹෙ බඩකඩිත්තුවෙ සල්ලි නෑ කියලා ඉල්ලගත්තෙ කෙල්ලට call කරන්න...

- ගංජා ගහලද ඕයී ඊට පස්සෙ උඹ අමන්දිටත් call කරා...මූට තාම බඩු වැඩද කොහෙද 😂

හුටා කෙලියනෙ...phone එක සින්ක් එක ගාව...call එකක් දාපිය ඉක්මණට..

- සල්ලි දාගත්තෙ නෑ තාම...තමුසෙ පිස්සෙක්නෙ ඕයී..යමං බලන්න...මං නම් හිතන්නෑ තියෙයි කියලා...

ඉදා සල්ලි යන ගමන් Card එකක් දාගෙන ඩයල් කරපං...

- රින්ග්ස් යන්නෙ නෑ බං phone එක Off..

ෂිට්..මාර මගුලක්නෙ බං ඒක අමතක වුණානෙ

- අයියේ මේ මේ හරියෙ phone එකක් තිබ්බෙ නැද්ද...

නෑ මල්ලි දැක්කෙ නෑ...

- මොකක්ද බං කරන්නෙ

මොනා කරන්නද අලුත් එකක් ගනින් ඉතින්...

- අලුත් එකක් ගන්න එක නෙවෙයි ඕයි ප්‍රශ්නෙ...
එහෙනම්??

- ෂිට් කොහොමද බං මට ඒක අමතක වුණේ
---------------------------------------------------------
තරිදු ඇයි ඔයා එහෙම කරේ මට???

- අමන්දි? මොන විකාරයක්ද කියවන්නෙ..ඔලුව හොද නැද්ද?

ඔයාට එවපුවා...ඒවා.😓
මං කොහොමද තරිදු අම්මලගෙ මූණ බලන්නෙ...
---------------------------------------------------------
ප.ලි - photos ඉල්ලන්න එපා වත් Photos යවන්න එපාවත් කියන්න මට එක සත පහක අයිතියක් නෑ...මං එහෙම කියන්නෙත් නෑ...මොකද එහෙම කියලා බුකියෙ පොර ටෝක් දෙන සුචරිතවාදී ගෝතයෙක් වෙන්න මට උවමනාවක් නෑ...😌

මං නම් කියන්නෙ බුකියෙ මොන කයිය ගැහුවත් Love කරන කෙල්ලෙක් සහ කොල්ලෙක් අතරෙ ඒවා වෙනවා...එකම වෙනස කට්ටියක් ශේප් එකේ වැඩේ ගොඩදාගන්නවා...තව කට්ටියක් හත්පොළේ ගාගන්නවා...

දෙන්නෙක්ගෙ ආදරයකදි ඒ ආදරය කරන දෙන්න කරන්න ඕන දෙවල් වලට උපදෙස් දෙන්න උවමනාවක් නෑ...ඒවා තමන් තමන් තීරණය කරගත්තාවෙ...

හැබැයි පරිස්සමින්...

Phone කියන ඒවා නැති වෙන්න පුළුවන්...😊

එහෙම නැති වෙලා උඹේ කෙල්ල දවසක උඹට call එකක් අරගෙන මොකක්ද ______ ඔයා ඒ කරේ කියලා ඇහුවොත් උඹලට මාරම වේදනාවක් දැනෙයි...ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරානම් ඒ වේදනාව එක්ක ජීවත් වෙන්න බැරි වෙයි...

මං ආදරය කරපු කෙල්ලෙක් දවසක මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවොත් මටනම් ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් හිතාගන්න අමාරුයි...

ආයෙ කියනවා...

පරිස්සමින් 😌

මේ පණ්ඩිත කතා කිව්වට එක පාරක් මගෙ අතිනුත් phone එක නැති වුණා...

මොකාක්දෝ වාසනාවකට ඒකෙ ඒ වෙලාවෙ හිටියෙ හැමෝම දැකලා තියෙන ලොකු කණ්ණාඩි දාන නංගි කෙනෙක් විතරයි...ඒ ළමයා interview එකකට ගියාම ඒ ළමයට වෙච්ච අකරතැබ්බයක් ගැන හදපු උපදේශාත්මක වැඩසටහනක්ද කොහෙද මතක විදියට...😁

(ලිව්වේ : Pramith Ganearachchi)

අනිත් අයටත් දැනගන්න Share කරන්න...

මේ ගැන දැනුවත් වෙමු.... 😨😨😨

Cyber Guardian කියන්නේ ඔබේ ජංගම දුරකතනයේ ආරක්ෂාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් ආරම්හ කරපු වැඩ පිළිවෙලක්...

මෙන්න තැන, ඔබේ අදහස් වගේ ම දැනුමත් share කරගන්න පුළුවන්.... 🤗🤗

#CyberGuardian

Powered by Blogger.