රුසියාවේ ගෙපාර්ඩ් 5.1 නෞකා මිලදී ගැනීමට ලංකාවේ සූදානමක්.


රුසියාවේ නිෂ්පාදනය කරන ගෙපාර්ඩ් 5.1 නවීන යුද නෞකා ණය පදනම මත ශ්‍රී ලංකාවට ලබාගැනීමට රුසියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි රුසියාවේ ස්පුටිනික් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

හෙලිකොප්ටර් නැවැත්වීමේ අංගණයක්, සැටලයිට් පහසුකම් මෙන්ම නවීන යුද අවි වලින් මෙම නෞකාව සමන්විත වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන රුසියානු ෆෙඩරල් සේවයේ ආරක්ෂක -  තාක්ෂණික සහයෝගයේ මාධ්‍ය ප්‍රකාශිකා මාරියා වොලොබෙයාවා සඳහන් කරන්නේ රාජ්‍යකින් රාජ්‍යයට එකඟත්වය යටතේ ගෙපාර්ඩ් නෞකා ශ්‍රීලංකාවට ලබාදීමට නියමිත බවයි.

මේ පිළිබඳව ශ්‍රි ලංකා රජය හා රුසියානු රජයේ අදාළ අංශ සමග සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් ඒ සඳහා රුසියාවේ මුදල් අමාත්‍යාංශයද එක්ව තිබෙන බවත් ඇය  වැඩිදුරටත් සඳහන් කරන්නීය.

ස්පුටිනික් නිවුස් ඇසුරෙනි

Powered by Blogger.