ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට ගිය තැත වරදියි [Video]


කුරුණෑගල ඉබ්බාගමුව සුළුගල් විහාරයේ පැවැති ධර්මදේශනාවක් නිමාකරමින් කොළඹ බලා එමින් සිටි බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් කළ උත්සාහයක් අසාර්ථක වී තිබේ.

එහිමියෝ හා ඔහුගේ අනුගාමිකයන් පිරිසක් සමඟකොළඹ බලා එමින් සිටියදී කුරුණෑගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය නිමාවන ප්‍රදේශයේ පෝරයායේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ලබාගැනීමට නතරකර ඇත.

පසුව මෝටර් රථ කිහිපයකින් පැමිණි පොලිසිය ඥානසාර හිමි ඇතැයි සැකකර මෝටර් රථයක් වටලා තිබේ.

එහිමියෝ සිට ඇත්තේ ඊට පිටුපස මෝටර් රථයේ වන අතර පසුව ඉන් එළියට බැසගත් ඥානසාර හිමි පොලිසියෙන් විමසා ඇත්තේ තමා අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ඇත්ද යන්නයි.

ඒ වන විට එම ස්ථානයට පොලිස් විශේෂකාර්ය බලකායේ සෙබලුන්ද පැමිණ ඇති අතර ඥානසාර හිමි ගමන්ගත් මෝටර් රථය හෙළවිය නොහැකි ලෙස වැලි ලොරි කිහිපයක්ද යොදා බාධා කර තිබේ.

කෙසේවුවද, පොලිසියට ඥානසාරහිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ තීන්දුවක් පෙන්වීමට නොහැකි වී ඇති අතර පසුව පොලිසිය මඟහාර ගොස් ඇත

Share on Google Plus