සූජීව ජනාධිපතිවරණෙනුත් මහ මැතිවරණෙනුත් කඩුවෙල පැරදුනා [VIDEO]


රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා පක්ෂයේ අඩු සැළකිල්ලට ලක්ව ඇතැයි පැවසුවද පසුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ඔහු කඩුවෙල ආසනය පාරදවූ අයෙකු බවත් ආසන පාරද වූ අයට ඇමති ධුර ලබා නොදෙන බව පක්ෂ නායකවරයා පවසා තිබුනද ඔහුට රාජ්‍ය ඇමති ධුරයක්, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය සහ ජාතික සේවක සංගමයේ උප සභාපති ධුරය ඔහුට ලැබුණු බවත් ඇත්තටම ආසනය ජයගත් තමන්ට කිසිඳු ධුරයක් නොලැබුනු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

පැවති මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සුජීව සේනසිංහ මහතා පමණක් නොව තමන්ද දිවිහිමියෙන් කටයුතු කළ බවද මරික්කාර් මහතා අවධාරණය කළේ ය.

පක්ෂ නායකත්වය මැතිවරණයට පෙර සඳහන් කළ ආකාරයට කටයුතු කළේනම් සුජීව සේනසිංහ මහතාට නොව තමන්ට ඇමති ධුරයක් ලැබිය යුතුව තිබූ බවත් පක්ෂයට පිටින් යමින් සිටින සුජීව සේනසිංහ මහතා මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට ලංවී තනතුරු තානාන්ත්‍ර ලබා ගත් බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ කොලෙන්නාව ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිණි.



Share on Google Plus