එජාපය මධ්‍යම බලය ඇල්ලීමට සැරසේ. - Info Sri Lanka News | Sinhala

එජාපය මධ්‍යම බලය ඇල්ලීමට සැරසේ.


එක්සත් ජාතික පක්ෂය මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය ලබා ගැනීමට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

තම කණ්ඩායමට බහුතර බලයක් පෙන්විය හැකියැයි එම පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හරහා එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී සංයුතිය 58 ක් වන අතර එජාප මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 18 කි.

එම පළාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස පසුපෙළ අසුන් ගැනීමට තීරණය කිරීමත් සමග මධ්‍යම පළාත් සභාවේ බරපතල දේශපාලන අර්බුදයක් හටගෙන ඇත.

එසේ පළාත් සභාවේ සන්ධානය දෙකඩවීම තුල මහ ඇමති සරත් ඒකනායක මහතාට එරෙහි සුළු පක්ෂ වලද සහය ගෙන එජාප මහ ඇමතිවරයකු පත්කර ගැනීමට එජාපය රහසිගත සාකච්ජා ආරම්භකර තිබේ.

එජාපයෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කල, එජාප ආසන සංවිධායක සමරනායක මහතා හා අමාත්‍ය දිගම්බරම් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් 06කු ගේ සහය මේවනවිට සන්ධානයට හිමිව ඇති අතර ඔවුන්ගේ සහය ලබා ගැනීමට ද එජාපය මේවනවිට කටයුතු කරමින් සිටියි.

එජාපය විසින් 2015 වසරේදී සන්ධානයකට බහුතර බලය තිබූ ඌව පළාත් සභාවේ මහ ඇමති ධුරයට හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබිය.

මෙවැනි තත්වයක් යටතේ මධ්‍යම පළාත් සභාවල බලය අස්‌ථාවර වුවහොත් නියමිත දිනට පෙර එම පළාත් සභා විසුරුවා හැරීමට ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන වසරේදී සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

Share on Google Plus