ට්‍රම්ප් රුසියාවට රහස් හෙළිකරලා - ඒ ගැන පම්පෝරිත් ගසලා.


මේ තාක් කාලයකට ලෝක බලවතුන් දෙදෙනා අතර තිබූ තරගයක් වූයේ එකිනෙකාගෙන් තම රාජ්‍ය රහස් රැක ගැනීමයි. නමුත් දැන් උමතු විකාරයෙන් මෙන් වැඩකරන ඇමරිකානු ජනාධිපතිවරයා විසින්ම, සිය කැමැත්තෙන්ම ඉතා වැදගත් රාජ්‍ය රහස් රුසියාවට හෙළිකර ඇත. එපමණක් නොව ඒ බව සිය ට්විටර් පණිවුඩ මගින් ද තහවුරු කර ඇත.

ට්‍රම්ප් විසින් ධවල මන්දිර රැස්වීමදී රුසියානු නියෝජිතයන් සමග ඉතා වැදගත් රහස් හෙළිකළ බව මුලින්ම කියා සිටියේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතයි. රුසියානු විදේශ ඇමතිවරයා සහ තානාපතිවරයාව පසුගිය සතියේ ධවල මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මෙය සිදුවී ඇති බව පුවත්පත හෙළිකර සිටියේය. මෙයට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය පැවසුවේ “මෙය ඉතාම විවෘත ලෙස සැලසුම් කළ හමුවීමක්” බව ය. කෙසේ නමුත් මේ හමුව ඇමරිකානු මාධ්‍යවලට වාරණය කර තිබුණත්, රුසියානු රජයට අයත් පුවත් ඒජන්සියක ඡායාරූප ශිල්පියෙකුට මේ හමුව විවෘත වී තිබූ අන්දමත් දැකගත හැකි විය.

ට්‍රම්ප් මේ හමුව පිළිබඳ කර තිබූ ට්වීට් දෙකෙහි සිංහල පරිවර්තනයන් මෙසේ ය.

“ජනාධිපතිවරයා විදිහට මට උවමනා වුණා” ධවල මන්දිරයෙ තිබුණු විවෘත හමුවකදි) රුසියාව සමග බෙදාගන්න සමහර කාරණා..මට එහෙම කරන්න පරම අයිතියක් තියෙනවා...”

“...මට රුසියාව සමග බෙදාගන්න උවමනා වුණා ත්‍රස්තවාදය සහ ගුවන් යානා ආරක්ෂාව ගැන සමහර කාරණා. ඒ වගේම අයිසිස් සහ ත්‍රස්තවාදයට විරුද්ධව රුසියාව හොඳට සටන් කරන්නත් ඕනෙ..”

ත්‍රස්තවාදය සහ ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ රහසිගත කරුණු වෙනත් රටකට හෙළිකිරීම නිසා සිය රටේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම ගැන ට්‍රම්ප් යන්තමින් හෝ දැනුවත්ද? ඔහු මෙසේ සෙල්ලම් කරන්නේ ඇමරිකානු පුරවැසියාගේ ජීවිතය සමග ය.

-    අමාලි ජයවීර

Share on Google Plus