'මං දේශපාලනයෙන් ඉවත් වෙනවා' - ඇමති සුජීව. - Info Sri Lanka News | Sinhala

'මං දේශපාලනයෙන් ඉවත් වෙනවා' - ඇමති සුජීව.


එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමනට හැකි තාක් කාලයක් දේශපාලනයේ සිටින බවත් බැරි වූ දිනෙක ඉවත් වන බවත් ඔහු කියා සිටියේ කොලොන්නාවේදී පැවති ජනහමුවක් අමතමිනි.

කෙසේවුවද කිසිඳු විටෙක විපක්ෂයට එක්නොවන බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

ආණ්ඩුවක්ද ගෙන කිසිත් ජනතාවට කරගන්න නොහැකි වීම නිසා සමාව ඉල්ලා සිටින බවද ඔහු එහිදී පැවසීය.



Share on Google Plus