SMගේ අමාත්‍යධුරය සුසිල්ට.


උතුරු මැද පළාත් සභා‍වේ සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වූ  ඇමති රංජිත් සමරකෝන් මහතාගේ පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සදහා එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී සුසිල් ගුණරත්න මහතා අද (16)උදේ යෙදුන සුභ මොහොතින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර පි.බි  දිසානායක මහතා ඉදිරියේ ප්‍රවාහන සමූපකාර වෙළද ආහාර ක්‍රීඩා යෞවන කටයුතු හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දිම සිදුවිය.   

උතුරුමැද පළාත් ආණ්ඩුකාර නිළනිවසේදි පැවති මෙම අවස්ථා‍ව සදහා උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති පේශල ජයරත්න බංඩාර මහතා ඇතුළු නිළධාරින් සහභාගිවි විය.    

Share on Google Plus