සරත් ෆොන්සේකාට එජාප උප නායකධූරයක් - රුවන් විජේවර්ධන.


මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ, කැලණිය ආසනයේ එජාප සංවිධායක, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට එජාප උප නායක ලෙස පත්කිරීම සඳහා යෝජනා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ සියඹලාපේ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් විවිධ කටකතා ඇතිවූ අතර එජාප ප්‍රබලයන් කිහිපදෙනෙක් මේ සඳහා දැඩි විරෝධය එල්ල කර ඇති බවද වාර්තා විය. ඒ අතරින් ප්‍රමුඛයා වූ මහරගම එජාප ආසන සංවිධායක,අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ෆොන්සේකා එජාප උප නායකධූරයට පත්කරන්නේ නම් පක්ෂය විජේදාස රාජපක්ෂ මහතා හැරයාමට තීරණය කර ඇති බව ද වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා පවසා ඇත්තේ විවිධ මත සහිත පුද්ගලයන්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයක එවැනි ගැටලු ඇතිවිය හැකි බවයි. සියලුදෙනා තෘප්තිමත් වන තීරණ ගත නොහැකි බවයි ඔහු පවසන්නේ.

මේ අතර අද සවස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම යෝජනාව සම්බන්ධයෙන් සහ ඊට එල්ල වන විරෝධය සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත වේ.

Share on Google Plus