මුදල් අමාත්‍යංශය අගමැති යටතට?


හෙට (22) සිදුවන කැබිනට් සංශෝධනයේදී මුදල් අමාත්‍යශය අගමැතිවරයා යටතේ තබාගන්නා ලෙස එජාප ජ්‍යෙෂ්ටයන් කළ යෝජනාවට අගමැතිවරයාගේ එකඟතාවය හිමිව තිබෙන බව වාර්තා වේ. 

අද සවස අගැමතිවරයා හමු වූ එජාප ජ්‍යෙස්ට නායකයන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත්තේ රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන්ට කිසිදු ගැටලුවක් නොමැති බවයි. එහෙත් මුදල් අමාත්‍යංශය වෙනත් පුද්ගලයෙකු යටතට පැවරීමට ශ්‍රීලනිපයට අවශ්‍ය නම් මුදල් අමාත්‍යංශය භාරගන්නා ලෙස ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

අගමැතිවරයා මෙම යෝජනාවට එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

රවී කරුණානායක මහතා අමතා ඇති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසය. රවී කරුණානායක මහතාට කිසිදු අසාධාරණයක් සිදුකිරීමට ඉඩ නොතබන බව පවසා ඇති අගමැතිවරයා, මුදල් ඇමතිවරයා ලෙස ඔහු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් සියලු දෙනා තෘප්තිමත් බව රවී කරුණානායක මහතා වෙත දන්වා ඇත.

Powered by Blogger.