කැබිනට් උප කමිටු රැස්වීමේදී රවී මහබැංකු අධිපතිවරයාට ගුගුරයි.


මහබැංකු අධිපති කුමාරස්වාමි සහ මුදල් අමාත්‍යවරයා අතර ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් උප කමිටුවේදී දරුණු විවාදයක් ඇති වී තිබේ.

ඒ, ණයට ගැනීම්, පොලී අනුපාතික සහ ආර්ථික තත්වය සම්බන්ධයෙනි. මුදල් ඇමතිවරයා මෙහිදී මහබැංකු අධිපතිවරයා හට චෝදනා කරමින් බැණ වැදී ඇත්තේ, මහබැංකු අධිපතිවරයා ඩබල් ගේම් එකක් ගහනවා යනුවෙන් කියමිනි.

එම අවස්ථාවේ එතැන සිටි අමාත්‍යවරයෙක් අපට පැවසුවේ අගමැතිවරයා මෙම බහින්බස් වීම අභිරුචියෙන් යුතුව නැරඹූ බවයි. එම අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මහබැංකු අධිපතිවරයා සහ මලික් සමරවික්‍රම අතර පවතින මිතුරුකම හේතුවෙන් අගමැතිවරයාට කුමාරස්වාමි හට මාස ගණනක් තිස්සේ කියාගැනීමට නොහැකි වූ දේ, මුදල් අමාත්‍යවරයා විසින් කියා දැම්මේ යැයි තමන්ට දැනුණු බවයි.

මහබැංකු අධිපතිවරයා නිසි පරිදි ක්‍රියා නොකරන බවත්, මහබැංකුව සම්බන්ධයෙන් ඔහුගේ පාලනය ගිලිහී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකය වේගයෙන් පහළට ඇද වැටෙන බවත් මහබැංකුව තවමත් පාලනය වන්නේ සිය හෙංචයියන් හරහා අජිත් නිවාඞ් කබ්රාල් විසින් බවත් ඇමතිවරුන් ගණනාවක් අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ. එසේම මහබැංකු අධිපතිවරයා සහ නිවාඞ් කබ්රාල් පෙර පැවති රෙජීමයේ සමීප හිතවතුන් බවත්, සියලු පක්ෂවලින් ස්වාධීන අයෙක් එම තනතුරට පත්කරන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබියදී තමන් ඇතුලු පිරිස ලැජ්ජාවක් නැතිව කුමාරස්වාමි ව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කළ බවත් එම ඇමතිවරයා පැවසීය.

පසුගිය මැතිවරණ සමයේදී කුමාරස්වාමි මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන අතරම, ජනවාරි ජයග්‍රහණයේ එක් ප්‍රධාන නියමුවෙක් වන රවී කරුණානායකගෙන් මුදල් අමාත්‍යාංශය ඉවත් කරන්නට ඔහු මහත් වෙහෙසක් දරමින් ක්‍රියා කළ බව ප්‍රකට කාරණයකි. මහබැංකු ආරංචි මාර්ගවලට අනුව මුදල් අමාත්‍යවරයාට විරුද්ධව යම් යම් දේවල් ලිවීම සඳහා මහබැංකු අධිපතිවරයා පුද්ගලයන්ව ධෛර්යමත් කර තිබේ. ඔහු සහ ඇමති මලික් සමරවික්‍රම, හිටපු ජනාධිපතිවරයෙක් යොදාගෙන වත්මන් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් මුදල් අමාත්‍යවරයා ඉවත් කිරීමට දවල් රෑ නොමැතිව වැඩ කරමින් සිටියි. අපට වැටහෙන පරිදි අගමැතිවරයා මේ යෝජනාවට ප්‍රතික්ෂේප කර ඇත.

Powered by Blogger.