මුදල් ඇමති මාරු කෙරේ - කුමන්ත්‍රණය පසුපස මහ බැංකු අධිපති.


රවී කරුණානායක ඇමතිවරයාව මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා මේ දිනවල මහබැංකු අධිපතිවරයා දිවා රෑ නැතිව වෙහෙසෙමින් සිටියි.

ඔහු මෙසේ කරමින් සිටින්නේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ක්‍රිසාන්ත පෙරේරාගේ ද සහයෝගය ඇතිව ය. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළ අයෙක් වූ මහබැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරණානායක මහතා පසුගිය දිනවල දැඩි ලෙස විවේචනය කළේය. ආචාර්ය කුමාරස්වාමි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීම පවා සිදුකළේය. පෙර පැවති ආණ්ඩුව විසින් ඔහුට උපදේශකවරයෙකු වශයෙන් මුදල් ගෙවා තිබේ.

මහබැංකුව මේ වනවිට පාලනය කරන්නේ හිටපු මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල්ගේ ඥාති සහෝදරයන් විසිනි. ආචාර්ය කුමාරස්වාමි රූකඩයක් බවට පත් වී තිබේ. මහබැංකුවට ස්තූති වන්නට සම්පූර්ණ මූල්‍ය පද්ධතියම දැන් පවතින්නේ පාලනයක් නැති තත්වයක ය.

කුමාරස්වාමිගේ සහෝදරිය හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ හොඳ මිතුරියකි. අපට වැටහෙන ආකාරයට, කුමාරස්වාමි විසින් මහින්ද රාජපක්ෂ ව විකුණමින් සිටින අතරවාරයේ සිය සම්පූර්ණ දේශපාලන අනාගතයම සිරිසේනගේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් කැප කළ ඇමති රවී ව එම ධුරයෙන් ඉවත් කළ යුතු බව ජනපති සිරිසේනට අවධාරණය කිරීම සඳහා චන්ද්‍රිකා අවශ්‍ය දේ කර තිබේ. හිටපු ජනපතිනිය දැන් වෑයම් කරන්නේ මංගල සමරවීර ව මුදල් ඇමති බවට පත් කර තමන්ගේ බලය වැඩිකර ගන්නට ය.

(LNW)

Share on Google Plus