ඊයේ රාත්‍රියේදී කැළණියෙන් අලුත් බුදුකෙනෙක් පහළවෙයි. [Photos]


ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ තමන් බුදු වූ කෙනෙකු බව පවසමින් කැළණිය විහාරයේ චෛත්‍ය රාජයාණන් අභියස සුදුපැහැති ඇඳුමකින් සැරසී සිටි අයෙකු පිළිබඳ සමාජජාල මාධ්‍යයන්වල වාර්තා වනවා.

ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

අදාළ සිදුවීම සිදුවූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු ගන්නා ලද ඡායාරූප කිහිපයක් අපට දැකගන්න ලැබුණා.




Share on Google Plus