කලු කොඩි දාන්න ගිය අය එදා රෑම මෝදි හමුවුණා. - Info Sri Lanka News | Sinhala

කලු කොඩි දාන්න ගිය අය එදා රෑම මෝදි හමුවුණා.


මෙවර වෙසක් දිනයේදී කලු කොඩි දමන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියත්, එහි ඇතැමි පිරිස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුව හමුවූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

අද (15දා) අරගංවිලදී පැවැතී උත්වසයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදුවිය.

එම හමුව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තමන්ව දැනුවත් කළ බවත් ඒ සඳහා අවසරය දුන් බවත්  ජනපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී කළ සංචාරයේචදී ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය සම්පතක් ඉන්දියාවට පවරා නොදුන් බවත් ඔහු පැවැසීය.


Share on Google Plus