නිලධාරීන් නිසා අස්මිකාට ආසියානු රන් සිහිනය ගිලිහෙයි.


ඔබ ආදරය කරන මලල ක්‍රීඩාව රැකගැනීමට, ව්‍යාප්ත කිරීමට හා ක්‍රීඩා ලෝලීන් ඇද ගැනීමට නම්, මෙවැනි වැරදි අවම කරගත යුතුය.
———————–
මීටර් 2000 බාධක දිවීම ඉසව්වේ රන් පදක්කම් බලාපොරොත්තුව ඊයේ ශ්‍රී ලංකාවට ගිලිහී ගොස් තිබේ.

ඒ තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී, එම ඉසව්වට සහභාගීවීමට නියමිත වූ අස්මිකා හේරත්ට අද තරග වැදීමේ අවස්ථාව අහිමිවීම හේතුවෙනි.

තරගාවලියේ පවතින නීති රීති අනුව මීටර් 200 ට වැඩි ධාවන ඉසව් දෙකක් සඳහා එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගීවීමේ අවස්ථාව නොලැබීම මත අස්මිකාට මෙම ඉසව්ව අහිමිව තිබේ.

මීටර් 3000 ධාවන ඉසව්වට ද සහභාගීවූ අස්මිකා එම තරගය අවසන් නොකළේ අද පැවැත්වීමට නියමිතවූ තරගයේදී, අනිවාර්යයෙන් පදක්කමක් දිනාගත හැකිවීමේ තත්වයක් පැවතීමේ හේතුවෙනි.

කෙසේ වෙතත් මෙරට බළධාරීන් තරගාවලි නීතී රීති නොදැන, හෝ අවධානය යොමු නොකර සිටීම හේතුවෙන් අස්මිකාට මිටර් 3000 හා මිටර් 2000 බාධක දිවීමේ ඉසව්ව යන තරග දෙකම අහිමිව තිබේ.

කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සුදුසුකම් සපුරා සිටින අස්මිකා, අද රනින් ලක්මව සැරසීමට සූදනම්ව සිටිය ද, අයට නැවත පැමිණීමට සිදුවන්නේ පරාජිතයෙකු ලෙසය.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන අස්මිකා හේරත්ගේ තරග නිමි කාලය අනුව ඇයට අද නව තරගාවලි වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගැනීමට හැකිව තිබිණ.

පහත ඡායාරූපයෙන් දිස්වන්නේ අස්මිකාගේ නම නොමැතිව තරග ආරම්භය සටහන් කර ඇති ආකාරයයි.



Share on Google Plus