නියෝජ්‍ය - රාජ්‍ය ඇමති තනතුරුත් වෙනස් වෙනස්වන හැඩ - ජනපති තවත් විකාරයකට මුලපුරයි.


ඉදිරියේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසක් සිදුවිය හැකි බව රජයේ ආරංචි සඳහන් කරයි.

නව කැබිනට් සංශෝධනයෙන් පසුව කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර එකම දිස්ත්‍රික්කයකට හිමිවීම හා ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පවතින අමනාපකම් ආදී හේතූන් මත මෙම සංශෝධනය සිදුවිය හැකි බව ද එම ආරංචි පවසයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත්   මුදල් අමාත්‍ය ධූරය දරන මංගල සමරවීර මහතා සහ මුදල් රාජ්‍ය  ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් ආදී කරුණු හා වෙනත් කරුණ පදනම් කරගනිමින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවන බව කියැවේ.

මේ අතර නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඇමැති විෂය පථයන් වල සංශෝධනයද සිදුවීම සාමාන්‍ය දෙයක් වූවත් අලුත් ඇමැතිධුර ලැබූ ඇමැතිවරු තමන් කලින් සිටි ධුරවලට අදාල රාජ්‍ය ආයතන ගනනාවක් නව අමාත්‍යංශවල විෂය පථයන් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී හිටපු මුදල් ඇමැතිවරයා වන රවී කරුණානායක මහතා විදේශ අමාත්‍යංශයට පත් වූවද පෙර තමන් යටතේ තිබු ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොත‍රැයි මණ්ඩලය, ඇල්කඩුව ප්ලාන්ටේෂන්, ශ්‍රී ලංකන් එයාර් යන ආයතන තමන්ගේ විෂය පථයට එක් කර ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මේ සඳහා ජනාධිපතිවරයා එකඟ වී ඇති බවත් දැන ගැනීමට ඇත. මාධ්‍ය ඇමැතිධුරයෙන් ඉඩම් ඇමැතිධුරයට මාරු කරනු ලැබූ ගයන්ත කරුණාතිලක මහතා චිත්‍රපට සංස්ථාව,රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණාලය, තොරතුරු දැන ගැනීමේ කාර්යාලය තමන් යටත්ට පත් කරන ලෙස ජනාධිපතිවරයගෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සතුව ඇති සීමාසහිත ආයතන කිහිපයෙන් රවී කරුණානායක හා ගයන්ත කරුණාතිලක ඉල්ලා සිටින ආයතන කිහිපය ලබා දුන හොත් ඇමැති මංගල සමරවීර මහතාට ඉතුරු වන්නෙ මුදල් අමාත්‍යංශ ගොඩ නැගිල්ලට අමතරව ශ්‍රිලංකා රේගුව, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරා බදු දෙපාර්තමේන්තුව පමණි. කෙසේ නමුත් මෙම අලුත් තත්වයට සම්බන්ධයෙන් මේවන විටත් උණුසුම්කාරී වාතාවරණයක් ඇතිව තිබෙන බව දැන ගැනීමට ඇත.

රජයේ ජේෂ්ඨ අමැතිවරයකුගෙන් අප කළ විමසීමෙදී දැන ගැනීමට ලැබුනේ රවී කරුණානායකට විදේශ ඇමතිධුරය ලබා දිමේදී පොරොන්දු ලෙස ඔහු ඉල්ලා සිටින ආයතන ලබා දීමට ජනාධිපති පොරොන්දු වී ඇති බවය. එසේම විදෙශ ඇමැතිධුරය මංගල සමරවීරගෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබු දැඩි වුවමනාව මත ඒ ඔහුට මුදල් ඇමැතිධුරය ලබාදිම සිදු කෙරෙන බවත් ඒ වෙනුවෙන් සහය වී විදේශ ඇමැතිධුරය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා රවී කරුණානායකගෙන් ඉල්ලීමක් කළ බවටද කරුණානායක මේ වන විට සෙසු ඇමැතිවරුන් හා පවසමින් සිටින බවත් ඔහු පැවසුවේය.

ඒ කෙසේ නමුත් මීට පෙර අමැති මණ්ඩලය නම් කිරීමේදී හා එම විෂය පථයන් වෙන් කිරීමදී විකාර ‍රැසක් සිදුව තිබිනි. මහාමාර්ග හා උසස් අධයාපනය එක අමාත්‍යංශයක් යටතට පත් කිරීම සංස්කෘතික අමාත්‍යංශය යටතෙ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීම සංස්කෘතික අමාත්‍යංශය යටතට ආගමන හා විගමන දෙපාර්තමෙන්තුව පැවැරීම ඊට උදාහරණ කිහිපයකි.

මේ අනුව ජනධිපතිවරයා සිහි බුද්ධියෙන් යුතුව මේ ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වුවහොත් යළි ආණ්ඩුව විහිලුවක් වීම නොවැලක් විය හැකිය. එහි වගකීම මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් බාර ගත යුතුය. ඒ තත්වයන් හමුවේ නැවත් දැඩි තීන්දු ගන්නවා යැයි කියමින් රටේ ජනතාවට විහිලු සැපයීමට ඉදිරිපත් නොවන ලෙසත් අප අවධාරණය කරමු.

Powered by Blogger.