මෙලීසා තැලෙන්නේ ලිංගික කුහක කමට ද?


පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධියක් ලබාගත් සුරූපී නීතිවේදිනියක් මේ දිනවල සමාජ මාධ්‍යවල කටගැස්ම වී ඇත.

ඇය නමින් මෙලීසා ලෙයිච්ය. තවමත් 22 හැවිරිදි ඈ මේ තරම් ආකර්ශනීය චරිතයක් බවට පත්ව ඇත්තේ ඇගේ උපාධිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය මුදල් උපයාගෙන ඇත්තේ මත්පැන් අලෙවි සැලක සේවය කරමින් වීම නිසාය.

එසේම ඇය ඒ සඳහා ලබාගත් බැංකු ණය ද ගෙවා ඇත්තේ උක්ත ආදායම් මාර්ගයෙන්මය.

මේ අතර, මෙලීසා සිය Instagram ගිණුමෙහි පළ කරන ලද ජායාරූප කිහිපයක් ඇගේ කතාව තවත් මානයකට රැගෙනගොස් තිබේ.

එය ඇය සම්බන්ධයෙන් තවත් මාතෘකාවක් මවන්නට ද හේතුවී ඇත.

ඒ ඇගේ ඡායාරූප සම්බන්ධයෙන් සංජීව දලුවත්ත නැමැති නීතීඥවරයා නීති වෘත්තියේ ආචාරධර්ම පිළිබඳව දක්වමින්ඇය ‘වලත්ත වෙසඟනක්’ ලෙස සටහනක් තැබීම නිසාය.

පෞද්ගලික ජීවිතය වෘත්තිය ජීවිතයට හාත්පසින්ම වෙනස් බව අවබෝධ කරගන්නට මේ නීතිඥයා අසමත්ව ඇති බව මේවන විට බොදෙනෙකුගේ මතය වී තිබේ.

මේ නීතීඥවරයාගේ තර්කයට අනුව මේ ඡායාරූප පළ කිරීම වෘත්තිය පරිහානියට හේතුවක් නම්, නීතිය පිළිබඳව ආචාරධර්ම තිබිය හැකි වුවද නීතිවේදියෙකුගේ පෞද්ගලික ජීවිතයට අදාල ආචාරධර්ම නීති පොතට අදාල විය හැකිද යන තර්කයද නිර්මාණය කර ඇත.

නීතීඥවරයාගේ සටහනට පිළිතුරු වශයෙන් බොහෝදෙනෙකු සඳහන් කර තිබුණේ නීතියේ නාමයෙන් කරන ඕනෑම තුට්ටු දෙකේ වැඩක් කලු ලෝගුවක් තුළ සඟවාගෙන සිටින නීතීඥවරුන් සිටින රටක ගැහැණියක සිය පුද්ගලික ජීවිතය රිසි සේ ජීවත් වීම, වෘත්තියට කිසිසේත්ම හානියක් නොවන බවයි.

තවද, ලංකාවේ නීතියට රෙදි අන්දවන සහ රෙදි ගලවන මෙවැනි නීතීඥවරුන් නීතියේ සදාචාරය සහ නීතියේ පරිහානිය ගැන තවදුරටත් කතා කිරීම විහිලුවක් බවද එම සටහන් පිළිතුරු අතර විය.

- එෆ්. ශර්මිලා

Share on Google Plus