හමුදාපතිගේ වාර්තාවෙන් සාලාව යලි ගිනි ගනී.


('ශ්‍රී ලංකා මිරර්' වාර්තාවකි)
අවිස්සාවේල්ල කොස්ගම, සාලාව පිහිටි යුධ හමුදා උප වෙඩි උණ්ඩ ගබඩාව (Sub Ammunition Dump) ගිනිගෙන පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලද තමන්ට හිතවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ආරක්ෂා කර ගනිමින්, යුධ හමුදාවේ කනිෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට දඬුවම් කිරීමට පසුගිය 18 දා යුධ හමුදාපතිවරයා දුන් නියෝගයක් හේතුවෙන් හමුදාව තුල නොසන්සුන් තාවයක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත සිල්වා එම නියෝගය නිකුත්කර ඇත්තේ, 2016 ජුනි මස 05 වැනිදා ඉරිදා සවස මෙම උණ්ඩ ගබඩාව හදිසියේ පිපිරී විනාශවී යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පත් කල පරීක්ෂණ මණඩලයේ වාර්තාව ඔහු වෙත ලැබීමෙ න්අනතුරුවය.
ආරක්ෂක අමාත්‍යංශ වාර්තාවෙහි මෙම පිපිරීම සිදුවීමට නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැත.
එසේම, මෙම සිද්ධියට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල පරීක්ෂණ වාර්තාව හෝ මෙතෙක් නිල වශයෙන් ඉදිරිපත් වී නොමැත. 
හමුදාපතිවරයා අප්‍රේල් 18 වැනිදා නියෝගයක් නිකුත් කර ඇත්තේ, එසේ මෙම පිපිරීමට හේතුව තවදුරටත් අභිරහසක්ව තිබියදීය.
තිදෙනෙකුට අනිවාර්ය නිවාඩු :
හමුදාපතිගේ නියෝගයට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු දැනට දරන තතුරුවලින් මුදවා හැර අනිවාර්ය නිවාඩු යවන ලෙසත්, මේජර්වරයෙකු ඇතුලු තවත් කනිෂ්ඨ නිලධාරී 05 දෙනෙකු යුද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දී තිබේ.
මෙසේ යුදහමුපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යැවීමට නියෝග කර ඇත්තේ ස්වෙච්ඡා බල සේනාවේ වැඩබලන නියෝජ්‍ය සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්.ඩී.මහානාම, මධ්‍යම අවි හා පතරොම් ගබඩාවේ සේනාවිධායක කර්නර් මංජුල විජේසිංහ, බට කාර්ය සම්පාදන මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් ඒ.පී.එස්. වාස් ද ගුණවර්ධන යන නිලධාරීන්ය.
මේජර් ජනරාල්වරුන් තිදෙනෙක් :
මෙම පිපිරීමේ සිද්ධියට වරදකරුවන් ලෙස යුද හමුදාපතිවරයා විසින් හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු නම් කර ඇත.
kenneth channaඒ මේජර් ජනරාල් චන්න ගුණතිලක, මේජර් ජනරාල් කෙනෙත් එඩ්මා (Major General Kenneth Edema USP) හා බ්‍රිගේඩියර් බිමල් ඩයස් යන නිලධාරින්ය.
මේ වන විට එම නිලධාරීන් තිදෙනා විශ්‍රාම ලබා තිබෙන බැවින් යුදහමුදා නීතියට යටත් නොවන නිසා ඔවුන්ට එරෙහිව නීතියට එරෙහි ක්‍රියාමාර්ග ගත නොහැකි වුවත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනුවට අහිතකර වාර්තාවක් (Adverse Event Report) ඇතුලත් කිරීමට ද හමුදාපතිවරයා උපදෙස් දී තිබේ.
ස්වේචඡා බලසේනා මූලස්ථානයේ දවසේ කාර්යබාර නිලධාරීන් කපිතාන් දසනායක, බට කාර්ය සම්පාදනක මූලස්ථානයේ දවසේ කාර්යබාර නිලධාරී කපිතාන් ජයසිංහ, 10 වන ස්වෙච්ඡා ජාතික බලඇණියේ දවසේ කාර්යබාර නිලධාරී කැප්ටන් නිශාන්ත යන තිදෙනා ගබඩාව පිපිරීමෙන් පසු බටපිරිස් එක්රැස් කර ගින්න නිවා දැමීමට අපොහොසත් වී ඇති බැවින් ඔවුන්ට දඬුවම් කරන ලෙසද හමුදාපතිවරයා නියෝග කර තිබේ.
දවසේ කාර්යභාර නිලධාරීන් එම දිනයේ එම මූලස්ථානවල පාලන හා බට කාර්ය සම්පාදක කටයුතු පවත්වාගෙන යෑම සදහා නම් කරනු ලබන නමුත්, යම් ප්‍රදේශයක ආරක්ෂාව හා ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යෑම එම ප්‍රදේශය බාර ආරක්ෂක සේනා මූලස්ථානයේ වගකීම වේ.
එවැනි තත්වයක් හමුවේ හමුදාපතිගේ නියෝගය මගින් එම නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇත.
sudanthaමේජර් ජනරාල් සුදන්ත රණසිංහ :
ශාලාව කදවුර අයත් වන්නේ පනාගොඩ පිහිටා ඇති බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයටය. එහි ආඥාපතිවන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මෙම කදවුරු පරිශ්‍රය පරීක්ෂා කර අවශ්‍ය ආරක්ෂකheader img විධිවිධාන යෙදවිය යුතුය. එය ඔහුගේ වගකීමකි.
නමුත් පනාගොඩ මූලස්ථානයට කිලෝමීටර් 20කට වඩා අඩු දුරකින් පිහිටා ඇති මෙම ශාලාව ගබඩාව වෙත පිපිරීමේ සිද්ධියට පෙර කිසිදිනෙක පැමිණ නොමැති ඔහු, ආරක්ෂාව තහවුරු කිරීමට උපදෙස් ලබා දී නොමැති බව තහවුරු වී ඇත.
නමුත් යුද හමුදාපතිවරයා, තමන්ගේ මව් ඒකකය වන ඉංජිනේරු බලකායේ නිලධාරියෙකු මෙන්ම තමන්ගේ සමීපතම නිලධාරියෙකු ලෙස සලකන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සම්බන්ධයෙන් සිය වාර්තාවේ කිසිදු සදහනක් කර නොමැත.
ක්‍රියාන්විත ආරක්ෂක මණ්ඩලය:
එසේම, මෙම පිපිරීමේ සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට හා එවැනි පිපිරීමක් සිදු නොවීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන නොයෙදු කිසිවකුටත් දඩුවම් කිරීමට නියෝග කර නොමැත.
මෙම ගබඩාවේ ඇති පතරොම් නිකුත් කිරීම, තැනකින් තැනකට ගෙනයාම, කල් ඉකුත් වූ පතරොම් විනාශ කිරීම, ගබඩාව වෙත විවිධ ප්‍රදේශවල පතරොම් භාරගැනීම යනාදී කරුණ සදහා උපදෙස් දෙන්නේ යුද හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත ආරක්ෂක මණ්ඩලයයි.
මෙම පතරොම් ගඩබාවේ ආරක්ෂක විධිවිධාන පිළිබද ඔවුනට විශාල වගකීමක් ඇත. නමුත් හමුදාපතිවරයාගේ නියෝගයෙන් ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවකුට චෝදනා එල්ල වී නොමැත.
පිපිරීමෙන් පසු ක්‍රියාමාර්ග නොගැනීම ???
මේ අනුව මෙම නියෝගය මගින් දඩුවම් ලැබිය යුතු ඉහළ මූලස්ථාන හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී පිපිරීමෙන් පසු ක්‍රියාමාර්ග නොගැනීම වෙනුවෙන් කනිෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු වෙත වරද පටවා ඇත.
එමගින් යුද හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් චෝදනාවලින් මුද හැර තිබේ.
යුද හමුදාවේ ඇති ප්‍රධානතම පතරොම් හා වෙඩි ද්‍රව්‍ය ගබඩාවන්නේ වේයන්ගොඩ, කොස්ගම හා වැලිසර පිහිටි ගබඩාවන්ය.
ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත සිල්වා යුද හමුදාපති පදවියට පත්වීමෙන් පසු මේ කිසිදු ගබඩාවකට සංචාරය කර ආරක්ෂාව පිළිබද විමර්ශනයක් සිදු කර නොමැත.
මෙම පිපිරීමෙන් පසුවද මීටත් වඩා අවදානමක තිබූ වේගයන්ගොඩ ගබඩාවද යුද හමුදාපතිවරයා මෙතෙක් පරීක්ෂා කර නොමැත.
ඉංජිනේරු බලකා නිලධාරීන් වශයෙන් යුද හමුදාපති හා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ එක් වරක හෝ මෙම ගබඩාවලට සංචාරය කර තිබුණේ නම් ඔවුන්ගේ ඉංජිනේරු තාක්ෂණ දැනුම හා අත්දැකීම් උපයෝගී කර ගනිමින් මෙවැනි විපතක් සිදුවීම වළක්වාගැනීමට හැකියාවක් තිබු බව ආරක්ෂක අමාත්‍යංශ බලධාරීන්ගේ මතයයි.
සේවා දිගුවක් :Krishantha De Silva
මෙම පිපිරීමෙන් පසුවද යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කල අතර, අගෝස්තු මාසයෙන් පසු ඔහු තවත් සේවා දිගුවක් බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.
මෙවැනි බරපතල ව්‍යසනයක් යුද හමුදාවේ වරදක් නිසා සිදුවූවා නම් යුද හමුදාපතිවරයා ඉල්ලා අස්වීම ලොව පිළිගත් සාමාන්‍ය සම්ප්‍රදාය වේ.


Share on Google Plus