මෛත්‍රි-රනිල්-මහින්ද මැයි රැලියේදී බලය අල්ලන සටනක. - Info Sri Lanka News | Sinhala

මෛත්‍රි-රනිල්-මහින්ද මැයි රැලියේදී බලය අල්ලන සටනක.


ශ්‍රී ලංකාවේ ඊළඟ පාලන බලය අත්පත් කරගැනීමේ අරමුණින් ප්‍රධාන දේශපාලන පක්ෂ තුන සහ ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් අද (1දා) සිය බලය ප්‍රදර්ශනය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'එක මිටට හරි අතට' තේමාව යටතේ පක්ෂයේ සභාපති හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය පවත්වයි.

'දිනන ජනතාවගේ මැයි රැලිය' තේමාවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙන්නේ 'ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණියත්වය, ජාතික සමඟිය වෙනුවෙන් ජන බලය ගොඩනඟන රතු මැයි රැලිය' යන තේමාවෙනි.

'වැඩබිම, ගොවිබිම, මවුබිම සුරකින නොනවතින අරගලය' තේමාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය මැයි රැලිය කොළඹ ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වෙයි.

කොළඹ, මහනුවර ඇතුළු රට පුරා ප්‍රදේශ කිහිපයක මැයි දින රැලි හා පෙළපාළි දහනවයකි. එයින් ‍ෙදාළහක් කොළඹදී පැවැත්වෙයි. මහනුවර, යාපනය, කුරුණෑගල, හැටන්, තලවාකැලේ සහ ගිනිගත්හේනේද මැයි රැලි පැවැත්වෙයි.

මැයි රැලි හා පෙළපාළි පැවැත්වෙන සියලු ස්ථානවල ආරක්ෂාව තර කර ඇත. ඒ වෙනුවෙන් පොලිසියේ හත්දහසක් යොදවා තිබේ. පොලිසියේ ආරක්ෂක වැඩපිළිවෙළ ඊයේ (30දා) සිටම ආරම්භ විය.

මැයි දින රැලිවලට සහභාගි වන ජනතාව ප්‍රවාහනය පිණිස පෞද්ගලික බස් රථ 7,000ක් පමණ දීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයට බස් 3,000ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බස් 2,000ක්, ඒකාබද්ධ විපක්ෂයට බස් 1,000ක් හා සෙසු දේශපාලන පක්ෂවලට බස් රථ 1,000ක් ලබාදීමට නියමිතය. ශ්‍රී ලනිප මැයි පෙළපාළිය, ගන්නොරුව කෘෂිකර්ම අභ්‍යාස ආයතනයේ සිට මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසලින් පිටත්ව කොළඹ නුවර මාර්ගය ඔස්සේ පෙළපාළි දෙකකින් ගැටඹේ ක්‍රීඩංගණයට පැමිණීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාළිය අද දහවල් 1.00ට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වී කැම්බල් පිටිය දක්වා පැමිණෙනු ඇත.
ජවිපෙ පෙළපාළිය දෙහිවල, එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් දහවල් 12.00ට පිටත්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාළිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය යුනියන් පෙදෙස (කොමර්ෂල් බැංකුව අබියස) සිට දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.

සෙසු මැයි රැලි හා පෙළපාළි පැවැත්වෙන ස්ථාන

  • ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
  • රැලිය : කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨය
  • පෙළපාළිය : බොරැල්ල ආයුර්වේද මංසන්ධිය පස්වරු 1.00
  • දමිළ ප්‍රගතිශීලී සන්ධානය
  • රැලිය : තලවාකැලේ මහජන ක්‍රීඩාංගණය
  • පෙළපාළිය - තලවාකැලේ දෙමළ විද්‍යාලය අසල
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය
  • තේමාව - අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිබඳ එරෙහිව වැඩ කරන ජනතාව නැඟිටිව්
  • රැලිය - කොටුව පෞද්ගලික බස් රථ නැවතුම්පොළ
  • පෙළපාළිය - රථ පෙළපාළිය ගාල්ල හා පේරාදෙණියෙන් සෙනසුරාදා (29දා)ආරම්භ විය.
  • නව සමසමාජ පක්ෂය
  • ලංකා සමසමාජ පක්ෂ බහුතර කණ්ඩායම, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, නිදහස් වේදිකාව, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කේන්ද්‍රය ඇතුළු වෘත්තීය සමිති
  • තේමාව - වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකිමු
  • රැලිය - නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහල
  • පෙළපාළිය - නාවල හන්දිය පස්වරු 1.00
  • ලංකා කම්කරු කොංග්‍රසය
  • රැලිය - ගිනිගත්හේන
  • පෙළපාළිය - ගිනිගත්හේන හැටන් පාරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල පස්වරු 1.00
  • ජනසෙත පෙරමුණ
  • රැලිය - මාලඹේ බස් නැවතුම්පොළ
  • පෙළපාළිය මාලඹේ තලාහේන මංසන්ධිය ප.ව. 2.00
  • ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළෙඳ සේවක සංගමය
  • ඇතුළු වෘත්තීය සමිති ගණනාවක්
  • රැලිය - කොල්ලුපිටිය සී.එම්.යූ. ශාලාව ප.ව. 3.00
  • තේමාව - පොදුජන අයිතීන් රැකගැනීමට පෙළ ගැසෙමු
  • පෙළපාළිය - කොටුව දුම්රියපොළ, මහජන බැංකු මූලස්ථානය, කොටුව ලංකු බැංකුව ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාපිටිය ප.ව. 1.00
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
  • තේමාව - උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැලිය
  • රැලිය - යාපනය පේදුරුතුඩුව පාරේ සංගිලියන් පුංගා උද්‍යානය
  • ලංකා කම්කරු පක්ෂය
  • රැලිය - පිටකොටුවේ ගුණසිංහ පිළිරුව අසල පෙ.ව. 11.00
  • ලංකා වතු සේවා සංගමය
  • තේමාව - වැඩ කරන පන්තිය දිනවන සටන් කරන ශ්‍රම බළකායක්
  • රැලිය - ඩී.කේ. ඩබ්ලිව්. මධ්‍යස්ථානය හැටන් පෙ.ව. 11.00
  • පෙළපාළිය - හැටන් නගරය උදේ 9.30
  • ජාතික හෙළ උරුමය
  • රැලිය - කොටුව දුම්රිය ස්ථානය අසල පෙ.ව. 11.00
  • ජාතික මහජන පක්ෂය
  • රැලිය - කුරුණෑගල රතු කුරුස සමාජ ශාලාව උදේ 10.00
  • නිදහස් කලාප සහ පොදු සේවක සංගමය
  • රැලිය - කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවත ස.තො.ස. වාහන නැවතුම්පොළ දහවල් 12.00
  • ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
  • තේමාව ජාතීන් අතර එකමුතුව ශක්තිමත් කරන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම
  • රැලිය එම සංගම් මූලස්ථානය
  • මරදාන පන්සල පාර 37/36 ඒ දරන ස්ථානය උදේ 9.00
  • ලංකා ගුරු සංගමය
  • රැලිය - යාපනය විශ්වවිද්‍යාලය අසල
  • පෙළපාළිය - එම ස්ථානයෙන් පෙ.ව. 10.00ට පිටත්ව යාපනය නගරය හරහා පැමිණීම


Share on Google Plus