'ඇමතිකම රැකදෙන්න' - ශ්‍රීලනිප ඇමතිවරයෙක් මලික්ට කියලා?


ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇතැයි කියන අමාත්‍ය මණ්ඩලය සංශෝධනයේදී තමන් දරන අමාත්‍යංශය ගැලවේ යයි නොසන්සුන්තාවයට පත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයාට කියා තම තනතුර රැක දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හමුවී ඉල්ලීමක් කර ඇති 'සිරිකොත' එජාප මුලස්ථානයේ ප්‍රකාශකයකු පැවසිය.

ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සඳහා කැබිනට් සංශෝධනයක අවශ්‍යතාවය අවධාරණය කරන ආණ්ඩුවේ ප්‍රබලයින් අතර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඉදිරියෙන් ම සිටියි.

ඔහු මේවනවිට අගමැතිවරයා නියෝජනය කරමින්, සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සමග කැබිනට් සංශෝධනයකට අදාළ මුලික එකඟතාවයක් ඇතිකර ගැනීමට කටයුතු කර ඇතැයි ද එම ප්‍රකාශකයා කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කල කැබිනට් සංශෝධනය අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසිය.

(SLM)

Share on Google Plus