ITN අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ. - Info Sri Lanka News | Sinhala

ITN අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ.


ස්වාධීන රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වන බව අද (24) පෙරවරුවේ ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට දැනුම්දුන් බව එම නාලිකාවේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්දැයි කළ විමසීමකදීය.

වැඩිදුරත් අදහස් දැක්වූ අතාවුදහෙට්ටි මහතා කියා සිටියේ මේ තීන්දුව ඊයේ (23) රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනුලැබූ තීරණයක් බවයි.

සම්ප්‍රදායට අනුව අලුත් අමාත්‍යවරයකු පත්වූ විට ඔහුගේ අභිමතයට අනුව සභාපතිවරු හා අධ්‍යක්ෂරු ඇතුළු කලින් අමාත්‍යවරයා විසින් පත්කරන ලද ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒවායින් ඉවත්වීම සිදුකළ යුතු බවද හෙතෙම කීය.

Share on Google Plus