මෙලීසා ගැන ඉරාජ් කතා කරයි [Video]


පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය ලබාගත් සුරූපී නීතිවේදිනිය මෙලීසා ලෙයිච් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුව තිබේ.

මෙලීසාගේ සුන්දරත්වය හා ඇයගේ වෘත්තිය එකට පටලවාගත් ගොඩක් අය එක එක කතා නිර්මාණය කරද්දී මෙවැනි මාතෘකා සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශ කරන එසේම කලා ක්ෂේත්‍රයේ සම්මතයට පිටින් වැඩකිරීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින ජනප්‍රිය ගායකයකුවන ඉරාජ් වීරරත්නගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.

ඉරාජ් ඒ ගැන කීවේ මෙවැන්නකි.

“අපේ ගොබ්බ, කුහක සමාජයේ ඉන්න ගොන් මිනිස්සු ටිකක් තමයි මේ වගේ දේවල්වලට කෑ ගහන්නේ. දොස්තර මහත්තයට කෑ නොගහපු පිරිස ලෝයර් නෝනට කෑ ගහන්නේ දූපත් මානසිකත්වයක් තියෙන ගෙම්බෝ ටිකක් හින්දා. ඒ වගේ එවුන්ට පින්තූර ටිකක් දැක්කහම ඉන්න බැරුව කුහකකමින් කෑ ගහනවා. මෙලීසාට අයිතියක් තියෙනවා ඉන්ස්ටර්ග්‍රෑම් එකේ එයාට ඕන ෆොටෝ එකක් දාන්න. ඒක මෙලීසාට විතරක් නෙවෙයි කාටත් තියෙන්න ඕන නිදහසක්. මෙන්න මේ හින්දා තමයි ලංකාවේ ඉක්මනට වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ.”

එෆ්. ශර්මිලා



Share on Google Plus