රත්නපුරයේ HIV ආසාදිතයින් 60 ක්‌ හමුවෙයි


රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ  HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රවණතාවක්‌ පවතින බව රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය කාංචන උපසේන මහතා පැවසුවේය.

රෝගය මේවන විට බාල මහලු යන වයස්‌වල අයට බලපා තිබෙන අතර අනාරක්‌ෂිත ලිංගික සේවනය නිසා රෝගය ව්‍යාප්ත වී යැමේ අනතුරක්‌ පවතින බව වෛද්‍ය කාංචන උපසේන මහතා කීවේය. මේ වන විට සබරගමුවේ හැටකට අධික පිරිසක්‌ වාර්තා වී තිබෙන බව වෛද්‍යවරයා සඳහන් කළේය.

Powered by Blogger.