නියෝජ්‍ය මුදල් ඇමැති හර්ෂ හෝ ඉරාන්.


විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හර්ෂ ද සිල්වා මහතාට මුදල් නියෝජ්‍ය අමාත්‍ය තනතුර ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමැතිවරයෙක් පැවසිය.

මෙම නියෝජ්‍ය ඇමැති මාරුවට හේතුව රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා අතර ආරාවුලක් බව දැනගන්නට ලැබෙන අතර, මෙම නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩල මාරුව ගැන සඳහන් කරමින් ආණ්ඩුවේ තවත් අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ ඉරාන් වික්‍රමරත්න මහතාට මුදල් නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලබා දී හර්ෂ ද සිල්වා මහතාට කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලබා දීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බවයි.

ඉහත අදහස් දැක් වූ අමාත්‍යවරුන් දෙදෙනාම ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හා රාජ්‍ය අමාත්‍ය තනතුරු වෙනස්වීම තවත් සති දෙකකින් හෝ මාසයකින් පමණ ඉදිරියට යනු ඇති බවයි.

එයට හේතු ලෙස ඔවුන් ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපයකදී සංවිධානය වී තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකානු සංචාරයයි. එම සංචාරය සති දෙකක පමණ කාලයකට සංවිධානය කර ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මත ගැටුම් ඇති වී ඇතැයි ද ඒ නිසා අදාළ වෙනස්කම් සිදුවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළෝය.

(රාවය)

Share on Google Plus