කාලෝ ෆොන්සේකාගේ කාර්යාලයේ බෝම්බයක්.


අද (13) අලුයම කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාල භුමියේ තිබී සජීවී අත්  බෝම්බයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මරදාන පොලීසිය සඳහන් කළේ එම අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවයි.

මෙය කිසිවෙකු විසින් වෛද්‍ය සභා භූමිය වෙත දමන්නට ඇති බවට සැක කරන බව ජෙෂ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය පිලිබඳ නියාමනය කෙරෙන  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වන්නේ, මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ය.

මෙම ආයතනය 'සයිටම්' ආයතනයට එරෙහිව මේවනවිට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

Powered by Blogger.