ගීතාගේ මන්ත්‍රී පුටුව ගැන දැනුම්දීමක්.


ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ (එජනිස) මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ඉකුත් මැයි 03 දා තීන්දු කරන ලදී.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නීතිපති උපදෙස් විමසා ඇති අතර අදාළ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බවට නීති උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට හිමිකමක් නොමැත.

Powered by Blogger.