ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්. - Info Sri Lanka News | Sinhala

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්.


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොලිස් නිලධාරින්ගේ රජකරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ වෛර ප්‍රකාශ සිදුකිරීම වැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළ බව එම නිවේදනයේ දැක්වෙයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පෙලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් උන්වහන්සේට රටින් පිටවීම තහනම් කරනමින් අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකත් කර ඇත.

ඥානසාර හිමියන්ට එරෙහිව ලැබුණ පැමිණිල්ලක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට උන්වහන්සේට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට වඩින ලෙස දැනුම්දීමක් කළ බවත් එය උන්වහන්සේ පැහැර ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි.

Share on Google Plus