ඡන්ද එකට තියන්න - එජාපයෙන් ඉල්ලීමක්. - Info Sri Lanka News | Sinhala

ඡන්ද එකට තියන්න - එජාපයෙන් ඉල්ලීමක්.


ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය එකම දිනයකදී එකට පැවැත් විය යුතු යැයි එජාපය නියෝජනය කරන එක් පාර්ශ්වයක අදහසයැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳ අදහස් දැක් වූ එජාපය නියෝජනය කරන තරුණ අමාත්‍යවරයෙකු කියා සිටියේ මේ අදහස පිළිබඳව එජාපය තුළ සංවාදයක් මතු වී ඇති බවයි.

දිගින් දිගටම මැතිවරණ කල් දැමීම ආණ්ඩුව සුබදායක නැති බව ප්‍රකාශ කරන එම අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ගැටලූව නිමාවෙන තුරු මැතිවරණයට දින නියම නොකිරීම ආණ්ඩුව තුළ ද බරපතළ ගැටලූ ඇති කර ඇති බවයි.

කෙසේ හෝ ඉදිරියේ දී කල් දැමුණු පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක දී පැවැත්වීම තුළින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව ද එය දැනට මතු වී තිබෙන ආර්ථික අර්බුදය තුළ වඩාත් බුද්ධිමත් තීරණයක් බව ද ඔහු කියා සිටියේය.


(රාවය)

Share on Google Plus