මහින්ද, මෛත්‍රී එක් කිරීමේ සාකච්ඡාවක් CHEERS PUB එකේ. - Info Sri Lanka News | Sinhala

මහින්ද, මෛත්‍රී එක් කිරීමේ සාකච්ඡාවක් CHEERS PUB එකේ.


යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු හා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එක් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (03) රාත්‍රියේ සිනමන් ග්‍රෑන්ඩ් “චියර්ස් පබ්” (CHEERS PUB, AN OLD ENGLISH SPORTS BAR) හිදී පවත්වා තිබේ.

මොවුන් මේ සාකච්ඡාව පවත්වා ඇත්තේ පසුගිය මැයි පළවෙනිදා පැවැත්වූ මැයි රැලි සමඟ ඇතිවූ අර්බුද හේතුවෙන් බවද වාර්තා වේ.

සාකච්ඡාව එළිවෙන ජාමයතෙක්ම දිග් ගැස්සී ඇති බවද පැවසේ.

සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගිවන්න හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.

මෙහිදී එජාප කුමන්ත්‍රණයට හසු නොවී කටයුතු කළ යුතු බවටද සාකච්ඡි වී ඇති අතර, මේ යන ආකාරයට ගියහොත් ඉදිරි පළාත් පාලන දෙක ශ්‍රීලනිප කුජීතවන්නට පරදින බවටද සාකච්ඡා වූ බව ද වාර්තා වේ.

Share on Google Plus