ජනාධිපතිගේ කොමිස් කථාවට අගමැතිගෙන් නියම උත්තරයක්. - Info Sri Lanka News | Sinhala

ජනාධිපතිගේ කොමිස් කථාවට අගමැතිගෙන් නියම උත්තරයක්.


මේ වන විට කැබිනට් සංශෝධනය සඳහා දහසකුත් එකක් කරුණු කාරණා එක්රැස් කරමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනෙක අගමැතිවරයා අමතා මෙවන් කතාවක් පවසා තිබේ.

‘අගමැතිතුමා, ඔබතුමා වටේ ඉන්න අය එක එක ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගන්නවා කියල ආරංචියි.'

‘මොන බොරු කතාවක්ද ජනාධිපතිතුමා, ඒක අමූලික බොරුවක්'
අගමැතිවරයාගේ උත්තරයෙන් මදක් විපිලිසර වී ඇති ජනාධිපතිවරයා නැවතත් පවසා ඇත්තේ,

‘නෑ මට හොදටම ෂුවර් මගේ තොරතුරු . ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගන්න කතාව සීයට සීයක් ඇත්ත. ඔබතුමාට ඕනනම් මට ඒක ඔප්පු කරන්න උනත් පුළුවන්' කියාය.

මදක් සිනහ වී ඇති අගමැතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ

‘ ඔබතුමා ඒක ඔප්පු කිරීම භාර ගන්න එපා. මගේ මිනිස්සුන්ට එහෙම කොමිස් ගන්න අපි මොනවද කරල තියෙන ප්‍රොජෙක්ට්.  අපි පහුගිය අවුරුදු 2 ටම කිසිම මහා පරිමාණ ප්‍රොජෙක්ට් එකක් කරලා නැහැ. අපි ප්ලෑන් කරලා විතරයි තියෙන්නෙ. ඔබතුමාලා  තාම ඒවා ඇපෘ කරලා නැහැ. උදාහරණයක් විදිහට හම්බන්තොට වරාය ගන්න. දැන් මාස ගාණක් ඒක ඇපෘ කරන්නෙ නැතුව ඔබතුමාලගෙ පක්ෂෙ එක එක හේතු කිය කිය ප්‍රොජෙක්ට් එක කල් දම දමා ඉන්නවා. ඉතිං කොහොමද මගේ මිනිස්සු තාම කෙරෙච්චි නැති ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගන්නෙ? ඒකයි මම කියන්නෙ ඔය චෝදනාව අමූලික බොරුවක් කියල. ඉස්සෙල්ලා මට ප්‍රොජෙක්ට් එක ඇපෘ කරලා දෙන්නකො. ඊට පස්සෙ මම කොමිස් ගහන එක නවත්වන්නම්'

යනුවෙන් අගමැතිවරයා උත්තර දුන් විට ‘ඒ කතාවත් ඇත්ත නේන්නම්' කියා ජනාධිපතිවරයා දුරකතනය විසන්දි කොට ඇත.

Share on Google Plus