මංගල, කැබිනට් ප්‍රකාශක ධූරය ප්‍රතික්ෂේප කරයි. - Info Sri Lanka News | Sinhala

මංගල, කැබිනට් ප්‍රකාශක ධූරය ප්‍රතික්ෂේප කරයි.



කැබිනට් ප්‍රකාශක ධුරය බාර ගැනීමේ අදහසක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර මහතා කැබිනට් ප්‍රකාශක ධුරයට පත්කර ඇතැයි මාධ්‍ය වල පළවී වී ඇති වාර්තා සම්බන්ධයෙන්කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් විමසා සිටි බවත්, ඒ අවස්ථාවේදී තම ස්ථාවරය පැහැදිලි කල බවත් පැවසු සමරවීර මහතා, රාජිත සේනාරත්න මහතා හා ගයන්ත කරුණාතිලක මහතා පසුගිය කාලයේ රජය වෙනුවෙන් එම වගකීම හොදින් ඉටුකළ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවුවද, රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් කැබිනට් ප්‍රකාශක ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

(SLM)

Share on Google Plus