අගමැතිගේ චීන සංචාරය නිෂ්ඵල වෙයිද? - Info Sri Lanka News | Sinhala

අගමැතිගේ චීන සංචාරය නිෂ්ඵල වෙයිද?


ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දිනවලදී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය. හම්බන්තොට වරාය සහ ආයෝජන කලාපය චීනයට බදුදීමට අදාල ගිවිසුම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම මෙම සංචාරය අතරතුරදී සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් වරාය සහ ආයෝජන කලාපය චීනයට පැවරීම සඳහා කැබ්නට් අනුමැතිය තවමත් හිමිවී නොමැත. පෙරේදා පැවති කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් වරාය ගිවිසුම පිළිබඳ අවසන් වාර්තාව ඉදිරිපත් කළ අතර එ් සඳහා අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දැමීමට සිදුවන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

99 අවුරුද බදු ක්‍රමයට වරාය සහ ඉඩම් ලබාදීමට මුල සිටම ශ්‍රීලනිපය විරෝධය දැක්වූ අතර කෙසේ හෝ එය වසර 70 ක් දක්වා අඩු කිරීමට චීනය මේ වනවිට එකඟ වී තිබේ. එහෙත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය හේතුවෙන් අදාල ගිවිසුම් පිළිබඳ එකඟතාවයට පැමිණීම තවදුරටත් ප්‍රමාද වේ.

ජනාධිපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කළ සරත් අමුණුගම වාර්තාව සහ සමරවික්‍රම අමාත්‍යවරයාගේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

බදු කාලය වසර 70 දක්වා අඩුකිරීමට චීනය එකඟ වී ඇති පසුබිමක අගමැතිවරයාගේ චීන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් අවසන් එකඟතා ඇතිකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියද එය තවදුරටත් කල්යනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම මෙම ගනුදෙනුව කල්දැමීම හේතුවෙන් චීනය ගිවිසුමෙන් ඉවත්වීමේ අවදානමක් තිබෙන අතර එසේ වුවහොත් එය රජයට දැඩි බලපෑමක් ඇතිකරයි. එයට හේතුවෙ මෙම ගිවිසුම හරහා රටතුළට පැමිණීමට නියමිත මුදල් නොලැබුනහොත් අවදානමට ලක්වන්නේ සමස්ත ආර්ථිකයයි. දැනටමත් අවදානම්කාරී තත්වයට පත්ව ඇති මෙරට ආර්ථිකය පවත්වාගෙන යන්නේ චීන ආයෝජන මතය. එජාපයේ හා ශ්‍රීලනිපයේ කඹ ඇදීම මත චීනය එකඟතාවලින් ඉවත් වුවහොත් එය ආණ්ඩුවට ද වක්‍රාකාරව බලපානු ඇත.

මේ අනුව අගමැතිවරයාගේ චීන සංචාරය බෙහෙවින් තීරණාත්මක වන අතර ආණ්ඩුවේ කඹඇදීම් හේතුවෙන් අධෛර්යයට පත්ව සිටින චීනය තවදුරටත් අප සමග සිටින්නේද යන්නෙ අගමැතිවරයාගේ හැකියාව මත තීරනය වනු ඇත.

Share on Google Plus