'ජීවිතේ හිඩැස් නෑ මම සතුටින්' - නිරෝෂා - Info Sri Lanka News | Sinhala

'ජීවිතේ හිඩැස් නෑ මම සතුටින්' - නිරෝෂා


මේ දවස්වල ගොඩක් අය නිරෝෂා නිසා හැපි මූඩ් එකේ නේද ඉන්නේ?
මම කරන වෘත්තියත් එක්ක මට තව කෙනෙක්ව සතුටු කරන්න අවස්ථාව ලැබෙනවා. මම කරන රංගනයෙන් හෝ මම කරන නිවේදනයෙන් ප්‍රේක්ෂකාගාරය සතුටු වෙන එක මට වැදගත්.ඒ වගේම මගේ වැඩසටහනකට එන ආරාධිත ශිල්පීන් වගේම, ලාභ ලබලා චැනල් එකත් සතුටු වෙන්න ඕන. ඉතින් මම මට දෙන වැඩේ හිතුවට වඩා හොඳට කරනවා. මම මේ තාක් කරපු වැඩසටහන් වගේම ඩ්චනනර ඩ්ධභප ඹඪබඩ ව්ඪපධ වැඩසටහනෙන් මම කරන්නෙත් ඒක.
දැන් හැමෝම සතුටු කරවන නිරෝෂා ඉන්නෙත් සතුටින්ද?
ඔව්. ඇස්වහක් කටවහක් නෑ මම සතුටින් ඉන්නේ. මම කිසි දෙයක් පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ සැලසුම් නැහැ. නමුත් මට සතුටු වෙන්න පුළුවන් විදියට හැමදේම සිද්ධ වෙනවා. මගේ පුංචි කාලය, පාසල් ජීවිතය, උසස් අධ්‍යාපනය, වෘත්තිය මේ හැමදේම ගැන මට සතුටු වෙන්න පුළුවන්.
සැලසුම් නෑ කියන්නේ නිරෝෂාට තියෙන්නේ ඔහේ පාවෙන ජීවිතයක් කියන එකද?
මෙහෙමයි අපි ඕනම කෙනෙක් ඉපදෙද්දි අපි වෙනුවෙන් ප්ලෑන් එකක් හැදිලා තියෙන්නේ. ඉපදීමේ ඉඳන් මරණය වෙනකල් සියලු දේවල් ප්ලෑන් වෙලා තියෙද්දී අපි මොකටද ඒ දේවල් වෙනස් කරන්න යන්නේ.
නිරෝෂා විවිධ චැනල්වල විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා. ඒ වැඩසටහන්වලින් වැඩිපුරම කැමැති වැඩසටහන් තියෙනවද?
මම කරන ඕන දෙයක් හරි විදියට කරන කෙනෙක්. මම කරපු හැම වැඩසටහනක්ම ධපඪඨඪදචත එක කළේ මම. මම කරපු වැඩසටහන්වලින් ඉරෝෂයි නිරෝෂයි ප්‍රෝග්‍රෑම් එකට වගේම නිරෝ ඇන්ඩ් ද ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකට මම කැමැතියි.
නිරෝෂා කරන වැඩසටහන්වල නමෙනුත් තමන්ව ප්‍රොමෝට් කරගන්නවද?
ඇත්තටම මම කරන ප්‍රෝග්‍රෑම්වල නම් දාන්නේ මම නෙමෙයි. ඉරෝෂයි, නිරෝෂයි ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කළොත් ඒකේ නම දැම්මේ සුසාර දිනාල්. නිරෝ ඇන්ඩ් ද ස්ටාර් එකේ නම දැම්මේ හිරු නාළිකාවේ සභාපති රෙනෝ ද සිල්වා.
කාලෙන් කාලෙට නිරෝෂා එක එක චැනල්වල එක එක වැඩසටහන් කරනවා. ඇත්තටම නිරෝෂා චැනල් මාරු කරනවද? නැත්නම් චැනල් නිරෝෂාව මාරු කරනවද?
අපි දෙගොල්ලම මාරු වෙන්නේ නැහැ. මම නිදහස් නිවේදිකාවක්. ඉතින් මට ආරාධනාවක් ලැබුණම සංකල්පය, මුදල වගේ දේවල් ගැන පස්මහ බැලුම් බලලා වැඩේ භාර ගන්නවා. ඒ වගේම ඒ වැඩේ ගැන අසතුටක් ඇති නොවෙන විදියට වැඩෙත් කරනවා. නිදහස් නිවේදිකාවක් වුණාම එක තැනක වැඩක් කරද්දී තව තැනක තව දෙයක් කරන ප්‍රතිපත්තියක් නම් මට නැහැ. ඒක මම කරන්නේ චැනල් එකට ගෞරවයක් විදියට.
නිරෝෂා වැඩ ලැබුණම ගණන් උස්සනවා කියන්නේ ඇත්තද?
මෙහෙමයි මම පිනට නම් වැඩ කරන්නේ නැහැ. මම මගේ අය කිරීම කරනවා. ගොඩක් අය මං ගැන කියද්දිත් වැඩිම මුදලක් අය කරන නිවේදිකාව කියලා කියන්නේ. අපි ඒ කරන වැඩේට, අය කරන මුදලට හරියන සාධාරණය කළොත් ඒ කෙනාව අවශ්‍ය තැනට ගන්නවා.
වැඩ වැඩිපුර නොකරන්නේ අතමිට සරු නිසාද?
මට සල්ලි තියෙනවා. මොකද මම අඩු ගාණට වැඩ කරන්නේ නැහැ. මුදල් තියෙන නිසා මට වැඩ ගොඩක් කරන්න ඕනෙත් නෑ.
ඒ කියන්නේ නිරෝෂා සල්ලිවලට මුල් තැන දෙනවද?
සල්ලිම කියලා මම වැඩ කරන්නේ නැහැ. මට මොන තරම් ලොකු මුදලක් දෙනවා කිව්වත් ඒ වැඩේට මම කැමැති නැත්නම් මම ඒක භාර ගන්නේ නැහැ. සල්ලි කියලා මම හම්බෙන හැමදේම කළා නම් අද මම මේ ඉන්න තැනත් නැහැ. තත්ත්වය බලලා තමයි මම වැඩ කරන්නේ. තෘප්තිය වෙනුවෙන් කරන දෙයට මම සල්ලි බලන්නේ නැහැ.
බැලු බැල්මට නිරෝෂාව ගොඩක් අයට පේන්නේ වෙස්ටන් ලුක් එකක් තියෙන ලොකු කමෙන් ජීවත් වෙන ආඩම්බර චරිතයක් විදියට කියලා සමහරු කියනවා. ඇත්තටම එහෙමද?
ඇත්තටම සමහරු හිතන්නේ මම සුද්දියෙක් කියලා. මම පන්සලකට ගියත් සමහරු පුදුම වෙනවා. ඇත්තටම සමහරු මං එක්ක හිනා වෙන්න කතා කරන්නත් බයයි. ඉතින් මම කැමැතියි ඕන කෙනෙක් ඇවිත් මාත් එක්ක කතා කරනවට. ජීවිතයේ හැමදෙයක්ම තාවකාලිකයි. එහෙම ආඩම්බර වෙන්න කාරණා මට නැහැ. ඕන දෙයක් ඇතිව වගේම නැතුව මට ජිවත් වෙන්න පුළුවන්. ඉතින් මං ආඩම්බරයි කියලා හිතන් නැතුව මාව දැක්කොත් මාත් එක්ක කතා කරන්න කියන්න.
නිරෝෂාව ගොඩක් අය දන්නේ රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදියට. ඇත්තටම තමන්ව හඳුන්වලා දුන්නොත් 'නිරෝ' කියන්නේ ඇත්තටම කවුද?
මම හොර, බොරු, වංචා නැති වෘත්තීයමය ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නැතිව, ජීවිතය විඳින කෙනෙක්. මම රංගනය, නිවේදනය කරනවට අමතරව විවිධ දේවල් ගැන ඉගෙන ගන්නවා. සංචාරය කරනවා. හරිම සතුටින් ජීවිතය ගත කරනවා.
ඒ වගේම නිරෝෂා ව්‍යාපාරිකාවක්නේ?
ඔව්. මට ව්‍යාපාර කිහිපයක් තියෙනවා. පවුලේ ව්‍යාපාරත් තියෙනවා. ඉතින් ව්‍යාපාර වැඩ කටයුතුවලට මගෙන් තියෙන දායකත්වය හරි අඩුයි. නංගීි තමයි ඒ දේවල් ගොඩක් බලාගන්නේ.අනාගතයේදී මීට වඩා ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
රටට ලෝකෙට නොකිව්වට දැන් නිෂ්පාදිකාවක් වෙලා කියලත් ආරංචියි?
මම නිෂ්පාදනයට අත ගහලා තියෙන්නේ. හැබැයි මට ඒකට පබ්ලිසිටි අවශ්‍ය නැහැ. මගේ කැපෑසිටි එකෙන් තවත් පිරිසකට අවස්ථා හදන්නයි මට ඕන වුණේ. නිෂ්පාදන කටයුතු කරනවා කියලා මම ඒ නිර්මාණවල රඟපාන්නේ නැහැ.
නිරෝෂාට යාළු මිත්‍රයන්ගෙන් අඩුවක් නෑ නේද?
ඇත්තටම මම මුල් කාලේ ඉඳන් එකට වැඩ කරපු අය මගේ යාළුවෝ. එක එක රටවල යාළුවෝ මට ඉන්නවා. කා එක්කවත් මට ප්‍රශ්න නැහැ.
රංගන කටයුතුවලින් නිරෝෂාව කාලයක් නොදැක්කේ වැඩ නොකරන නිසාම නෙමෙයි නේද?
මට දවස ගාණේ ෆිල්ම් දහයකට ‍ෙදාළහකට ආරාධනා ලැබෙන්නේ නැහැ. හැබැයි බොහොම හොඳ නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා. නමුත් සමහර වෙලාවට චිත්‍රපටයක් ලැබෙද්දි මම විභාගයකට ලෑස්ති වෙනවා නම් මම කරන්නේ චිත්‍රපටය අතහැරලා, විභාගය කරන එක. මොකද ඉගෙන ගන්න දේ ජීවිතයට බොහොම වැදගත්. කොහොම වුණත් මම තෝරලා බේරලා එහෙම කරපු 'කන්දක් සේමා සහ සෙවණැලි කියන චිත්‍රපට දෙක තිරගත වෙන්න තියෙනවා. සමහර දේවල් සාකච්ඡා මට්ටමෙන් තියෙනවා.
හැකියාව, රූපය තිබ්බත් නිරෝෂාගෙන් නිර්මාණයකට හරි ප්‍රයෝජනය අරගෙන නැහැ කියලා සමහරු කියනවා. නිරෝෂාටත් එහෙම දැනිලා තියෙනවද?
ඔව්. මටත් එහෙම හිතෙනවා. මම කිසිම දේකට ගොඩක් ඇලිලා ඉන්න කෙනෙක් නෙමෙයි. ශිල්ප කියන දේ පෙන්වන්නම ඕනේ නැහැ. හැබැයි ශිල්ප කියන දේ ඕන වෙන අවස්ථා තියෙනවා. මමත් හිතනවා මම කිසිම දේකින් ප්‍රයෝජන අරගෙන නැහැ කියලා.
නිරෝ ජීවිතේ වැඩිපුරම ආදරේ කාටද?
මම මට සහ මගේ පවුලට ආදරෙයි.
ඔය ආදරේ වෙන කෙනෙක් එක්ක බෙදාගෙන තනිකඩ ජීවිතයට සමුදෙන්න අදහසක් නැද්ද?
මම වෙන අයත් එක්ක ආදරේ බෙදා ගන්න කැමැති නැහැ. තමන් තමන් ගැන සතුටු නම් තමන්ගේ ජීවිතේ හිඩැසක් නැත්නම් වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. මගේ ජීවිතෙත් හිඩැසක් නැහැ. ආදරය හරි, ආරක්ෂාව හරි, යැපෙන්න ක්‍රමයක් ගැන හරි හිඩැසක් තිබ්බොත් තමයි පිටස්තර කෙනෙක්ව ඕන වෙන්නේ. ඉතින් මට ආරක්ෂාවට කෙනෙක්වත් ඒඊර් එකක්වත් ඕන නැහැ. තනිකඩව මම සතුටින් ඉන්නවා. මට තනිකඩ කමෙන් මිදෙන්න වුවමනාවක් දැනිලා නැහැ. ඉතින් වුවමනාව නැති දෙයට මම මොකටද මහන්සි වෙන්නේ.
(තිළිණි කෞශල්‍යා විජේසිංහ)

Share on Google Plus