2020 දී රාජිත අගමැති පුටුවට.


රජයේ ඉහළ තනතුරක් බාර ගැනීමට අවස්ථාවක් ලැබුනොත් එය බාරගන්නා බවත්, තමන් සිරිසඟබෝ රජතුමා මෙන් කටයුතු නොකරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසිය.

ඔහු එබව සඳහන් කලේ, මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ දී ඊයේ (08) පස්වරුවේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් කල විමසීමකදීය.

 වර්ෂ 2020 වනවිට රජයේ ඉහළ තනතුරක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැඛෙන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී ඔහුගෙන්  විමසා සිටියේය.

දිවයින පුරා ලියාපදිංචි වී සිටින 3500 ක් පමණ වන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහලක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම වෙනුවෙන් පැවති එම උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් ඇමතු රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුට මම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කමින් ඉවත් කිරීමට අවශ්‍ය වී තිඛෙනවා. හැබැයි බහුතරයේ මතය එය නොවෙයි. කිහිප දෙනෙකුට පමණයි අවශ්‍ය වී තිඛෙන්නේ. ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ.

යහපාලන රජය ජනවාරි 08 වන දින බිහිකළේ ජනතාවට පොරොන්දු මාලාවක් ලබාදෙමින්. මම ඉන්නේ එම පොරොන්දු මාලාව ඉටු කරන වැඩ පිළිවෙලේ මිසක් පැරදුණු රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙලේ නොවෙයි.

අපේ ආණ්ඩුවෙත් ඉන්නවා යහපාලන රජයේ වගකීම තේරෙන්නේ නැති අය. රාජපක්ෂලාගේ ඊනියා දේශප්‍රේමිත්වය, ජාතිවාදී මතය මම ක්‍රීයාත්මක කරන්නේ නැහැ. සැබෑ සංවර්ධනයක් මෙන්ම මානව සංවර්ධනයක් ද රට තුල බිහි කළ යුතුයි.”


Powered by Blogger.