ඇමති ජෝන් ආණ්ඩුවෙන් යන බව ජනාධිපතිට කියයි - ජෝන් සමඟ 20-25ක් ඉවතට. - Info Sri Lanka News | Sinhala

ඇමති ජෝන් ආණ්ඩුවෙන් යන බව ජනාධිපතිට කියයි - ජෝන් සමඟ 20-25ක් ඉවතට.


ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා එන සැප්තැම්බර්වලට පෙර අනිවාර්යයෙන්ම මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව යන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

මේ සම්බන්ධව එතරම්ම හොද ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් පෙන්වා නැති බවත් ජනාධිපතිවරයා බලාපොරොත්තුව වසර දෙක අවසන් වීමෙන් පසු තවත් කාලයක් ආණ්ඩුව හවුලේ කිරීමට බව වැටහුණු අමාත්‍යවරයා දැඩිව තම ස්ථාවරයේ සිටි බැවින් අවසානයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ යනවා නම් තනිවම යන ලෙසත් වෙන අයව යෑමට ධෛර්යමත් නොකරන ලෙසත් යයිද එම වාර්තා සදහන් කරයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට 20-25 ක් පමණ වන මැති ඇමති පිරිසක් ලබන සැප්තැම්බර් වලදි ඉවත්වීමට මේ වනවිටත් තීරණය කොට ඇතැයිද වැඩි දුරටත් දැක්වෙයි.

Share on Google Plus