ඊශ්‍රායල නිවේදිකාව සිය රූපවාහිනී චැනලය වසා දමන බව නිවේදනය කළ හැටි. - Info Sri Lanka News | Sinhala

ඊශ්‍රායල නිවේදිකාව සිය රූපවාහිනී චැනලය වසා දමන බව නිවේදනය කළ හැටි.


ඊශ්‍රායලයේ 'චැනල් වන්'' රූපවාහිනී නාලිකාව එරට ජනාධිපති බෙන්ජමින් නෙතනියාහුගේ තීන්දුවක් මත හදිසියේම වසා දැමීමට තීරණය කර ඇත. මෙම නාලිකාව රජයේ නාලිකාවක් වශයෙන්ද සැලකිනි. දේශපාලන අර්බුදයක් මත පාර්ලිමේන්තුවේදී ගනු ලැබූ මෙම විශේෂ තීරණය ඒ වනවිට රූපවාහිනී නාලිකාවේ සජීවී පුවත් විකාශයේ යෙදී සිටි නිවේදිකාව විසින් ප්‍රචාරය කළ යුතු විය.

සිය රූපවාහිනී නාලිකාවට අත්වන්නට යන ඉරණම ඇය දැනගත්තේ එම පුවත කියවාගෙන යන විටය. ඇයට කඳුළු සඟවාගන්නට අපහසු විණි. නමුත් යෙදී සිටින වෘත්තිය අනුව ඇය එය කියැවිය යුතුම විය.

ඇය එය නිවේදනය කළේ මෙසේය. "දැන් අපි බ්‍රේකින් නිව්ස් එකක් කියන්න සූදානම්. මේක පාර්ලිමේන්තුව විසින් කළ ප්‍රකාශයක්. ඇත්තටම.... අද රාත්‍රියේ විකාශය වන මේ වැඩසටහන තමයි අපේ අවසාන වැඩසටහන වෙන්නෙ....''

ඒ සමගම ඇගේ හඬ වෙව්ළා යන නමුත් ඇය දිගටම පුවත ලියාදුන් කොළය දෙස බලාගෙන එය කියවීමට උත්සාහ ගන්නීය. ''.. ඒ නිසා මින් ඉදිරියට තිබෙන වැඩසටහන් මොනවාද කියා පැවසීම අනවශ්‍යයි... මේ අවුරුදු ගණනාව පුරාම මෙහි වැඩ කළ සියලුම දෙනාට ස්තූති කරන්නට මට අවශ්‍යයි. මේ නාලිකාව මට අවුරුදු ගාණක්ම මගේ ගෙදර වගේ වුණා. මට අසීරු කාල තිබුණා. නමුත් මගේ හොඳම කාලය තිබුණේත් මෙහිමයි... බොහෝ දෙනෙකුට රැකියා නැතිවෙන්න නියමිතයි... ඔවුන්ට අලුත් රැකියා සොයාගන්න ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරනවා...''

පසුව මෙම සිද්ධිය සහ නිවේදිකාවගේ ප්‍රතිචාර ඇතුළත් තත්පර 55 ක වීඩියෝවක් අදාළ නාලිකාව විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවට එක් කරනු ලැබීය. විනාඩි කිහිපයක් ඇතුළත එය ලක්ෂ සංඛ්‍යාත දෙනෙක් විසින් නැරඹූ වයිරල් වීඩියෝවක් බවට පත්විය. යූ ටියුබ්හිද එම වීඩියෝවට ලැබුණේ එබඳුම ප්‍රතිචාරයකි.



Share on Google Plus