රට රකින පරපුරේ හරිතාභිවන්දනාව ඇරඹේ. - Info Sri Lanka News | Sinhala

රට රකින පරපුරේ හරිතාභිවන්දනාව ඇරඹේ.


වෙසක් පෝය නිමිති කරගෙන රට රකින පරපුර සංවිධානය කරන ලද රුක් රෝපණය කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක මොහොත බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ දී 2017.05.14 දින පැවැත්විණි. 

එම සංවිධානය විසින් තෙත්බිම් උද්‍යානයට අවශ්‍ය කරන පැල රාශියක් එම ස්ථානයේ රෝපණය කරන ලද්දේ තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

මේ අවස්ථාව සදහා ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක, නිපොන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක,මීගහතැන්නේ චන්දසිරි නාහිමි, ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමි, පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන, රට රකින පරපුර සංවිධානයේ ලේකම් කාන්චන ද සිල්වා මහතා, උප සභාපති මාලික සුරවීරආරච්චි යන අය සහභාගී වී සිටියහ.




Share on Google Plus