"හම්බන්තොටින් තරුණ තරුණියන්ට රැකියා" - අගමැති.


හම්බන්තොට වරාය කඩිනමින් අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කර තරුණ තරුණියන්ගේ රැකියා උත්පාදනය වැඩිකරණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේදි පැවසිය.

ත්‍රිකුණාමලයේ පැවැත්වෙන යොවුන්  පුරයේ තුන්වැනි දිනයවු ඊයේ (31) හදිසියේ යොවුන්පුර භූමියට පැමිණි අගමැතිවරයා යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් හා යොවුන්පුර නගර සභා නියෝජිතයන්  හමු වි මේ බැව් කිය.

මෙම යොවුන් නියෝජිතයන් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කිවේ ලංකාවේ තරුණ තරුණියන්ගේ විරැකියාවට කඩිනමින් විසදුම් ලාබදිමටපියවර ගන්නා බවයි.

අනතුරුව අගමැතිවරයා යොවුන් පුර භූමියේ ඇවිදිමින් සැම දිස්ත්‍රික්කයකම තරුණ තරුණියන්  මුණ ගැසි සුහදව කථාකලේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, ජාතික තරුණසේවා සභාවේ සභාපති නීතිඥ  එරන්ද  වැලිඅංගේ  යන මහත්වරුද සහභාගි වුහ.

එහිදී අගමැතිවරයා කල සම්පුර්න කතාව,

"අද විශාල ණය උගුලක් බවට පත්ව තිබෙන හම්බන්තොට වරාය අපි ජාතික සම්පතක් බවට පත්කරනවා. හම්බන්තොට වරාය ඉදිකරන්න එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා චීනයෙන් ණය ගත්තා. එදා සිටි නිලධාරීන් කියලා තිබුණා අවුරුදු පහකින් වරායෙන් මුදල් උපයලා 2016 වනවිට ණය ගෙවන්න පුලුවන් කියලා. 2013 වසර වනවිට අපට පෙනුනා මේ වරායට අපි බලාපොරොත්තු වුණු විදිහට නැව් එන්නේ නැහැ කියලා. කොළඹ වරායෙන් තමයි අපිට ලාභය හොයලා දෙන්න සිද්දවුනේ.

ඩොලර් කෝටි 130 ක ණයක් ඔවුන් ගත්තා. අපි අමාරුවෙන් ඩොලර් කෝටි 20 ක් ගෙවලා තිබෙනවා.

2014 වසරෙදි මෙරටට පැමිණි චීනයේ ජනාධිපතිතුමන් සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව මුහුදු සේද මාවත වැඩසටහන යටතේ හම්බන්තොට වරාය එයට ඇතුල් කරලා වරායේ කොටසක් දියුණු කරන්න චීන සමාගම් දෙකකට දුන්නා. මෙය අවාසිදායකයි. අපි ණය ගෙවනවා, ඔවුන් ලාභ ලබනවා. 

හම්බන්තොට වරායේ ණය කොළඹ වරායෙන් ගෙවන එක අලාභයි. මේ ණය ගෙවන්න බදු වැඩි කළොත් ජනතාව අපිට විරුද්ධ වෙනවා. මේ ප්‍රශ්නය අතරතුර මම චීනයට ගිය අවස්ථාවේ, මේ ණය අපිට ගෙවන්න බැහැ කියලා මම ඔවුන්ට කිවුවා. අසාධාරණ නිසා මම ඉල්ලුවා මේක අහෝසි කරන්න කියලා. අන්තිමට එරට ජනාධිපතිතුමත්, අගමැතිතුමත් සාකච්ඡාකරලා, තිබෙන ගිවිසුම් අනුව මේ ණය අහෝසි කරන්න නොහැකි බවත්, නමුත් මේ වරාය ඉදිරියට කරගෙනයන්න චීන ලංකා හවුල් සමාගමට බදු දෙන්න කියලත් ඔවුන් කිවුවා. ඒ බදු එකවර අයකරගෙන, ණය එකවර ගෙවා දමන්න කියලා. අපි ඒකට එකගවුණා. 

ඔවුන් සමාගම් දෙකක් නම් කරා. අපේ පැත්තෙන් අපි වරාය අධිකාරිය යෝජනා කරා. ඒ සමාගම් දෙක අතරින් හොද යෝජනාව වුණු, බදු දෙන සමාගම ඩොලර් කෝටි 110 ක් දෙන්නම් කිව්ව යෝජනාව අපි පිළිගත්තා. ඒ අනුව අපිට කාටවත් බරක් නොවී එකවර ණය ගෙවලා අවසන් කරන්න පුලුවන්. අපිට 20% ක කොටස් නොමිලේ දෙන්නත් ඔවුන් එකග වුණා. මේක ගෙවලා අවසන් කරාට පස්සේ අපිට තිබෙන ජාතික ණය බර ඩොලර් කෝටි 110 කින් අඩුවෙනවා. 

හම්බන්තොට වරාය වැදගත් වෙන්නේ වරාය ආරම්භ කරාට පස්සේ, වරාය වටේ කර්මාන්තශාලා ඉදිවන නිසා. දැනටමත් අපිට මෙහි ආරම්භකරන්න ආයෝජන කිහිපයක් ලැබිලා තිබෙනවා. ඒ අතර තෙල් පිරිපහදුවක්, නැව් තටාකාංගනයක්, LNG විදුලි බලාගාරයක් මෙන්ම වානේ කර්මාන්තශාලාවකුත් ලැබෙනවා. සිමෙන්ති කර්මාන්තශාලා දෙකක් මෙම වරායේ ඉදිකරනවා. හම්බන්තොට වරාය ආරම්භකරාට පස්සේ ඉදිරි අවුරුදු කිහිපය තුළ කර්මාන්තශාලා 800 ක් 900 ක් පමණ පැමිණෙන්න තිබෙනවා. කොළඹ වරාය වගේම හම්බන්තොට අවටත් දියුණු වෙනවා. මේ වැඩසටහන තුළින් ණය උගුල අපි සම්පතක් බවට පත්කරගන්න කටයුතු කරනවා."





Powered by Blogger.