එජාප තනතුරු වෙනස කල් දැමු හේතුව?


එක්සත් ජාතික පක්ෂයේ අලුතෙන් නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කිරීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුනද එය තාවකාලිකව කල්දමනු ලැබුවේ, පක්ෂයේ ප්‍රබලයින් පිරිසකගෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය නායක තනතුරු ඇති කිරීම පිළිබඳව පක්ෂයේ විවිධ මත පළ වී ඇතැයිද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා නියෝජ්‍ය නායක ධුරයකට පත්කිරීම පිළිබඳව පක්ෂයෙන්ම විරෝධතා මතුව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එහි පෙරමුණ ගෙන ඇත්තේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාය.

ඒ අතර නියෝජ්‍ය නායක ධුරයක් තමන්ටත් හිමිවිය යුතු බව රවී කරුණානායක මහතා හා ලක්ෂ්මන් කිරිඇල්ලේ මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

මෙම තත්වය යටතේ පක්ෂයේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු 71 වැනි පක්ෂ සංවත්සරය දක්වා කල් තැබීමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

පක්ෂය තරුණ පෙළට භාරදීමේ කටයුතු සඳහා පදනම දැමීමට 71 වැනි සාංවත්සරය උපයෝගී කරගැනීම අගමැතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

(SLM)

Powered by Blogger.