Ads Top

Ray Ad

එජාප නායකත්වය තරුණ පෙළට.


එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකත්වය තරුණ පෙළට භාරදීමට අදාළව ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තරුණ හා කාන්තා සමිති, යෞවන සමාජ, ලක් වනිතා පෙරමුණ ඇතුළු බිම් මට්ටමේ සමිති සංවිධානවලට නව වගකීම් හා බලතල පැවරෙන යෝජනාවක් මේ මස 5දා පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

එළැඹෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ මෙන්ම රජයේ ඉදිරි ආර්ථික සැලසුම් ඉලක්ක කරගෙන බිම් මට්ටමේ එජාප සමිති සංවිධානවල සෘජු දායකත්වය ලබා ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇත. එමෙන්ම පක්ෂයේ ඉදිරිපෙළ නායකත්වය ශක්තිමක් කිරීම හා එමඟින් බිම් මට්ටමේ සමිති සංවිධාන සාර්ථකව මෙහෙයවීම සඳහා නව සාමාජිකයන් කිහිප දෙනෙක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කිරීමටත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අමතරව තවත් නියෝජ්‍ය නායකයන් දෙදෙනකු පත්කර ඔවුන්ට පක්ෂයේ වගකීම් හා බලතල පැවැරීමටත් අග්‍රාමාත්‍යවරයා කටයුතු යොදා ඇත.

එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ කාර්යබහුලත්වය නිසා පක්ෂයේ මහ ලේකම් ධුරයේ වෙනසක් කරන ලෙස පක්ෂයේ ප්‍රබලයන් මෙන්ම පහළ මට්ටමෙන්ද ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සිය අවධානය යොමු කර ඇති අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කෙරෙන තුරු මහ ලේකම් ධුරය වෙනස් කිරීම ප්‍රමාද කිරීමටද තීරණය කර තිබේ. පක්ෂයේ ඉදිරිපෙළ හා දෙවැනි පෙළ සමඟ බිම් මට්ටමේ සමිති සංවිධානවල සෘජු සම්බන්ධතා ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැලසීමටත් තරුණ පෙළ සඳහා කලකට පෙර ක්‍රියාත්මක වූ දේශපාලන ඇකඩමිය යළි සක්‍රිය කිරීමටත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයට යෝජනා කර ඇත.

Powered by Blogger.