විරෝධතා මැද දෙවතාවක් මීතොටමුල්ලට ගිය එකම ඇමති.


මීතොටමුල්ල ඛේදවාචකය සිදුවීමෙන් පසු එම ප්‍රදේශයේ ජනතාව තුල මතුව තිබෙන කෝපය හා විරෝධතා නොතකමින්, ඔවුනට සහන සැලසීම සඳහා අමාත්‍ය සාගල රත්නායක මහතා අද (17) පස්වරුවේ දෙවැනි වතාවටත් මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රජයේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින් ජනතා කෝපය හා විරෝධතා හමුවේ මීතොටමුල්ල මඟ හැර තිබෙන පසු බිමක අමාත්‍යවරයා දෙවැනි වතාවටත් රජය නියෝජනය කරමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම විශේෂ සිද්ධියකි.

අමාත්‍යවරයා මීට පෙර පළමු වතාවට එහි සංචාරය කලේ සිද්ධිය සිදුවී පැය කිහිපයකට පසුවය. ඒ අනතුරට ලක්වූවන්ගේ ජිවිත බේරාගැනීම සහ එම කටයුතු සංවිධානය කිරීම සඳහාය.

එහිදී ඔහුට ජනතාවගේ විරෝධයට මුහුණදීමට සිදුවිය. ඉන්පසු ආණ්ඩුවේ කිසිඳු මැති ඇමතිවරයකු මෙතෙක් එම ප්‍රදේශයට ගොස් නොමැත.

අද දිනයේ එම ස්ථානයට ගිය අමාත්‍යවරයා එහි කටයුතු නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබිය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට ත්‍රිවිධ හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් සිදුකල මෙහෙයුම්වලින් ජිවිත 27ක් බේරාගෙන ඇති අතර තවත් අතුරුදහන්වූ පුද්ගලයින් 06 දෙනෙක් වන අතර ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් කටයුතු සිදුවන බවත්ය. එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශයන්හි ජිවත්වන ජනතාව තාවකාලිකව වී අළෙවි මණ්ඩලයට අයත් මධ්‍යස්ථානයෙහි පදිංචි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මීට අමතරව ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීම මත මෙම සිද්ධිය පිලිබදව සොයා බැලීම සඳහා ජපාන විශේෂඥය කණ්ඩායමක් ලබන සිකුරාදා වන විට දිවයිනට පැමිණෙන බවද අමාත්‍ය සාගල රත්නායක එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කලි කසල දැමීමක් සිදුනොවන බවයි.

අමාත්‍ය සාගල රත්නායක මහතා පසුව මෙහෙයුම් කටයුතු සිදුවන පන්සල් වත්ත ප්‍රදේශයේ සහ තාවකාලික පදිංචිකිරීම් සිදුකරන වී අලෙවි මණ්ඩලයේ මධ්‍යස්ථානයන්ද නිරීක්ෂණයට ලක් කළා.  මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා ඇතුලු ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.​


Powered by Blogger.