ශ්‍රී ලංකා හැලුණු හේතුව අනුර හෙළිකරයි.


මෙවර මැයි දින බැනරයෙන් "ශ්‍රී ලංකා" හැලුවේ ජනපතිගේ ඉල්ලීමකට බව ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

"රට නඟන වැඩ කරන ශ්‍රම බලය සුරකිමු" යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන මැයි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට "නිදහස් පක්ෂ" යන නාමය පමණක් භාවිත කිරීමට හේතුව විමසූ විට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකමුතුවෙන් පැවැත්වෙන මැයි රැලියට විවිධ පක්ෂ සන්ධාන ගතවී සහාය දැක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් ඉස්මතු කොට දැක්වීම නුසුදුසු බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දීම නිසා මෙවර මැයි දින බැනරයෙන් "ශ්‍රී ලංකා" ඉවත් කර නිදහස් පක්ෂ පමණක් ඉතිරි කළ බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා තවදුරටත් පැවැසීය.

Powered by Blogger.