Ads Top

Ray Ad

සත්හඬ කර්තෘ ධුරයට විමලනාත් වීරරත්න.


සත්හඬ ප්‍රධාන කර්තෘ ධූරයට විමලනාත් වීරරත්න මහතා පත්කර තිබේ.

රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘවරයකු ලෙස ජනප්‍රියත්වයට පත් ඒ මහතා ඉරුදින ප්‍රධාන කර්තෘවරයා ලෙසද කලක් කටයුතු කළේය.

වසර විස්සකට වැඩි කාලයක් පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කර ඇති විමලනාත් මහතා දේශපාලන තීරු රචකයකු ලෙස වසරක පහක කාලයක් පිටපිට සම්මාන ලැබූවෙකි.

මෙතෙක් එහි ප්‍රධාන කර්තෘධූරය හෙබවූ දීප්ති කුමාර ගුණරත්න මහතා කර්තෘමණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත.

සත්හඬ සති අන්තපුවත්පත ප්‍රකාශයට පත්කරනු ලබන්නේ පීපල්ස් පවර් මීඩියා පෞද්ගලික සමාගම විසින් වන අතර එම සමාගමේ සභාපතිධුරය දරන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘවරිය වන මන්දනා ස්මයිල් මහත්මියයි.

එම සමාගම විසින් සත්හඬ ඩොට් එල්කේ හා ශ්‍රී ලංකා එඩිෂන් ඩොට්කොම් (srilankaedition.com) යන වෙබ් අඩවි දෙකද ප්‍රකාශයට පත්කරනු ලබයි.

(SLM)
Powered by Blogger.